Saturday, May 4, 2024

සුපර්සන් දොඩම්ගස්ලන්ද එජාප සංවිධායක තනතුරින් ඉවතට ?

Must read

super_sun

එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් පත්කිරීම අද (25 දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුකෙරිණි.

මෙහිදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසන 02 ක් හැර සෙසු ආසන සදහා හිටපු සංවිධායකවරුන්ම පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතා අතින් පත්වීම් ලිපි ලබාගත්හ.

දොඩම්ගස්ලන්ද සහ පොල්ගහවෙල යන ආසන සදහා එජාප නව සංවිධායකවරුන් පත්කර නැත.

දොඩම්ගස්ලන්ද එජාප සංවිධායක ලෙස කටයුතු කරන එම්. එස්. පෙරේරා මහතා මෙන්ම පොල්ගහවෙල එජාප සම සංවිධායකයින් ලෙස කටයුතු කරන අජිත් රෝහණ සහ එච්.එම්. ජයරත්න යන මහත්වරුන්ද  අද දිනයේදී පත්වීම් ලබාදීම සදහා පාර්ලිමේන්තු සංකීර්ණයට කැදවා නොතිබිණි.

දොඩම්ගස්ලන්ද සහ පොල්ගහවෙල ආසන දෙක සදහා ඉදිරියේදී නව සංවිධායකවරුන් පත්කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

දොඩම්ගස්ලන්ද එජාප සංවිධායක ලෙස කටයුතු කරන එම්. එස්. පෙරේරා මහතා එම තනතුරෙන් ඉවත්කිරීමට එම පක්ෂය තීරණය කර ඇතැයිද මැයි දින සංවිධාන කටයුතු අතරතුරදී අගමැතිවරයාට බැණවැදීමේ සිදුවීමක් හෙතෙම ආසන සංවිධායක තනතුරින් පහකිරීමට හේතු වී ඇති බවද එජාප ආරංචි මාර්ග කියයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article