spot_img
Saturday, March 7, 2026
spot_img

යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් ලබන 8 වනදා සිට

Must read

nයාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් ලබන 8 වනදා සිට ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප‍්‍රකාශ කරන ලදී.

ඒ අනුව මෙරට ලියාපදිංචි ගුවන් සමාගමක් වන “ෆිට්ස් එවියේෂන් “සමාගම ගුවන් ගමන් සිදුකරන බව දැනුම්දී තිබෙනවා. පළමු අදියරේදී සඳුදා, බදාදා සහ සෙනසුරාදා දිනවල යාපනය සහ රිච් අතර ගුවන් ගමන් පවත්වාගෙන යන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් එච් එම් සී නිමල්සිරි මහතා ප‍්‍රකාශ කළේ.

යාපනය සහ චෙන්නායි අතර තනි ගුවන් ගමනක් සඳහා අය කරන මුදල රුපියල් 7900 ක්. යාමට සහ ඒමට රුපියල් 15700 ක් අය කරනවා. එලියන්ස් එවියේෂන් සමාගම ද ගුවන් ගමන් ආරම්භ කිරිමට කටයුතු සූදානම් කර ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප‍්‍රකාශ කර සිටියි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article