spot_img
Saturday, March 7, 2026
spot_img

අල්ලස් ගත් PHI මාට්ටු !

Must read

arrest-768x432පිරිසිදු කිරීමේ පෙරහන් සවි නොකර ජලය විකුණන පුද්ගලයෙකුට එරෙහිව පියවර නොගැනීම මගින් රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත වරියපොල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු (පීඑච්අයි) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබීය.
මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධිකා ශ්‍රී රාගාල මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත‍්‍රාත්වරයා සැකකරු නලින් චන්දනා අප්‍රේල් 12 දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කර තිබේ.
මාර්තු 23 වන දින පාදෙනියේ  පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කළ බව අල්ලස් කොමිෂන් සභාව අධිකරණයට දන්වා සිටියේය. පැමිණිලිකරු කියා තිබුනේ සැකකරු රු. 7000 ක අල්ලසක් ගෙන  ව්‍යාපාරිකයාට තම වැඩ කටයුතු පාලනයකින් තොරව කරගෙන යාමට ඉඩ සලසා දි තිබුන බවය.
මේ ආකාරයෙන් රටේ බොහෝ තැන්වලදි මෙවැනි ක්‍රියා දැන් සිදුවෙමින් ඇති අතර විශේෂයෙන්ම පෙරහන් නොකළ ජලය පදනම් කොට ගෙන විවිධ ලෙඩ රෝග බෝවිමට ඇති
ඉඩ සලකා බැලිමේදි මෙය බරපතලම වරදකි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article