
දැදුරුඔය ඉව්රේ ඇති ඉඩම් වල ගොඩ ගැසී ඇති වැලි ඉවත් කර ගැනීමට සාමාන්‍ය ජනතාවට නිලධාරීන් විසින් අවසර ලබා නොදෙන නමුත් ව්‍යාපාරිකයෙකු කිසිදු බාධාවකින් තොරව වැලි කපා අලවි කිරීම සිදු කරන බව බිංගිරිය ප්‍රදේශවාසීන් සදහන් කරයි.
ඉකුත් නොවැම්බර් මාසයේ ඇතිවූ දිට්වා සුළි කුණාටුවත් සමග දැදුරුඔය පිටාර ගලා ගියේය.ඒ වන විට දැදුරුඔය පතුලේ ගොඩ ගැසී තිබූ මහා වැළි කදක් පිටාර ගලා ගිය ජලය සමග අවට වගා බිම් වල ගොඩ ගැසී නතර විය.ඒ වගා බිම් බොහෝමයකට හානි කරමිනි. දිට්ටාව හේතුවෙන් වගා බිම් වල ගොඩ ගැසී තිබෙන වැලි ඉවත් කිරීමට රජය විසින් ඉඩම් හිමිකරුවන්ට අවසර ලබා දුන්නේය.නමුත් දැදුරුඔය අවට ඇති ඉඩම් හිමිකරුවන්ට එම අවසරය ලැබුනේ නැත.ඊට ප්‍රධානතම හේතුව වූයේ දැදුරුඔය දෑලේ ඇති ඉඩම් බොහෝමයක් රජයට අයත් ඉඩම් වීමය.එම ඉඩම් වල පදිංචිකරුවන්ට හිමිකමකට ඇත්තේ බලපත්‍රයකින් පමණි








