පසුගිය මස 29 වනදා මෙරට මුහුදු සීමාවේදී පසුගිය ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් බහු දින යාත්‍රා දෙකක ධීවරයින්ට පහර දුන් සිදුවීමක් වාර්තා විය.
දිනිති දුව සහ දිනිති දුව 1 බහු දින යාත්‍රා දෙක ඉකුත් දෙසැම්බර් මස 03 වැනිදා වෙන්නප්පුව – වෙල්ලමංකරය වරායෙන් මසුන් මැරීම සදහා ජාත්‍යන්තර මුහුදට ගොස් ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීමෙන් අනතුරුව ඔවුන් මෙරටට පැමිනෙමින් සිටියදී මෙම පහර දීම සිදුවී ඇති බව ධීවරයින් සදහන් කරයි.එම යාත්‍රා දෙකෙහි ධීවරයින් 12 දෙනෙකු සිට ඇත. මෙසේ පහරකෑමට ලක්වූ ධීවරයින් ගොඩබිමට පැමිණි පසු ප්‍රතිකාර සදහා රෝහල්ගත කෙරුණ අතර , ඔවුන්ට මුහුද මැදදී දරුණු ලෙස පහරදුන් බව ධීවරයින් පවසන ලදී.
මෙම සිදුවීම අරඹයා මෙහිදී සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමය විසින් විරෝධාවයක් වෙන්නප්පුව – වෙල්ලමංකර වරායේදී පැවැත්වූ අතර ඊට පසුදිනක මේ සම්බන්ධයෙන් ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයටද පෙත්සමක් බාරදෙන ලදී.
ඊට ප්‍රතිචාරයක් ලෙස ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය විසින් පෙබරවාරි 05 වනදා නිකුත් කරන ලද නිවේදනයක සදහන් කර තිබුණේ මෙම පහරදිම ඉන්දියන් නාවුක හමුදාවෙන් හෝ ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායෙන් සිදුවූ බවට තහවුරු කළ නොහැකි බවයි.
ඊට අමතරව ධීවරයින්ට මුහුණ දෙන්නට සිදුවූ මෙම සිදුවිමට අදාළව මෙරට ධීවර අමාත්‍යවරයාගේ කණගාටුව ප්‍රකාශ වූ අතර ඒ පිළිබදව යම් පරීක්ෂනයක් සිදුකරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවද වාර්තා විය.
කෙසේ වුවුත් මෙම ධීවරයින් 12 දෙනාට මුහුණ පෑමට සිදුවූ හිංසනය සුළුකොට තැකිය නොහැකි අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය කිසියම් හෝ මැදිහත්වීමක් සිදුකළ යුතුව තිබේ. මෙම ධීවරයින් ගොඩබිමට පැමිනි අවස්ථාවේ දී ඔවුන්ගේ ඥාතීන්ද එම අවස්ථාවට සහභාගී වූ අතර ඔවුන් පවසා සිටියේ මුහුදේ දී මත්ද්‍රව්‍ය ඡාවාරමේ නිරත වන ධීවරයින්ට මෙවැනි කිසිදු හිරිහැරයක් සිදුනොවන බවත්, නිරපරාදේ ධීවර රැකියාව පමණක් සිදුකරන්නට ගිය ධීවරයින්ට මෙසේ පහරදී ,ශාරීරිකව හා මානසිකව පීඩා එල්ල කිරීම කිසිසේත් සාධාරණ නොවන බවයි. එමෙන්ම ධීවරයින් මුහුණ පෑ මෙම විපත වෙනුවෙන් රජය මැදිහත්විය යුතු බවයි.
මෙම සිදුවීම සිදුවීමට මේ වනවිට මාසයක් පමණ ගතවී ඇති අතර මෙතෙක් මෙම සිදුවීමට අදාළව කිසිදු පරික්ෂණයක් හෝ කිසිදු ප්‍රතිචාරයක් අදාළ ආයතන වෙතින් ලබාදී නොමැත.









