මිරිදිය මත්ස්‍ය ආහාර ප්‍රවර්ධනය කරමින්, පරිභෝජනයට නැඹුරු කිරීම සඳහා කාන්තා සමිති සාමාජිකයින් දැනුවත් කිරීමේ ප්‍රායෝගික ආහාර තාක්ෂණ වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.
නාගරික හා ග්‍රාමීය ප්‍රජාව තුළ මිරිදිය මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීම මගින් ප්‍රෝටීන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා විකල්පයක් ලෙස මිරිදිය මසුන් වගාව ප්‍රචලිත කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.
වැව් මාළු කරිය, වැව් මාළු ඩෙවල්, දුම් කරවල ලුණු මිරිස යනාදී වශයෙන් විවිධ පිසුම් ක්‍රම භාවිතයෙන් මාළු සකස් කිරීම මෙන්ම ඒවා අලංකාරවත් ලෙස සරසා ගන්නා ආකාරය ද මෙහිදී සජීවී අත්දැකීමක් ලෙස ලබා දෙන ලදී.
වැඩසටහනේ සම්පත් දායකත්වය හා මෙහෙයවීම ගම්පහ දිස්ත්‍රික් ජල ජීවී වගා ව්‍යාප්ති නිලධාරී සම්පත් දිසානායක මහතා විසින් සිදු කළ අතර මෙහිදී මිරිදිය මසුන් ආහාරය සඳහා විවිධ ක්‍රමවලට සකස් කිරීම හා විවිධ පිසුම් ක්‍රම භාවිතය පිළිබඳ ප්‍රායෝගිකව දැනුවත් කිරීමක් සිදු කෙරිණි. ඒ සඳහා සූපවේදී තුසිත සුදර්ශන ප්‍රනාන්දු මහතා සම්පත් දායකත්වය ලබා දුන්නේය.
දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ මහතා මෙම වැඩසටහනේ අරමුණ පැහැදිලි කරමින් මිරිදිය මත්ස්‍ය වගාව ඉතා ලාභදායී ව්‍යාපාරයක් බවත් ග්‍රාමීය හා නාගරික ප්‍රජාව තුළ විශේෂයෙන් දරුවන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාගැනීමට තිලාපියා (Tilapia), මොසැම්බික් තිලාපියා (Tilapia mossambica), කැට්ලා(Catla) හා රෝහු(Rohu) වැනි මත්ස්‍ය වර්ග ප්‍රචලිති කිරීම තුළින් ජීවනෝපාය සංවර්ධනයට යොදා ගත හැකි මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය රටේ නිෂ්පාදන ආර්ථිකයට දායක කර ගත හැකි බවත් සඳහන් කරන ලදී.
එසේම විවිධ ක්‍රමවේද ඔස්සේ රසවත් ලෙස මිරිදිය මත්ස්‍ය ආහාර සකස් කිරීම තුළින් පවුලේ සාමාජිකයන් හා දරුවන් තුළ ඒ පිළිබඳ කැමැත්තක් ඇති කිරීම සඳහා ගෘහණියන් විසින් මෙම දැනුම ලබා ගෙන එය ප්‍රචලිත කිරීමේ වටිනාකම ද දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය හා බස්නාහිර පළාත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා ධීවර අමාත්‍යාංශය එක්ව දායකත්වයෙන් පවත්වන ලදී.







