spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

තිරික්කල්කරුවන්ගෙන් පා.මන්ත්‍රී අජිත් ගිහාන්ට ඉල්ලීමක්

Must read

තිරික්කල්කරුවන්ගේ සංගමයේ සාමාජිකයින් පෙරේදා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා හමුවී සාකච්ඡාවක නිරත වන ලදි. මෙහිදී පාරම්පරික තිරික්කල්කරුවන් රැසක් ඔවුන් මුහුණ දී ඇති ගැටලු කිපයක් මන්ත්‍රීවරයා වෙත යොමුකරන ලදි. මෙම සාකච්ඡාවට ආසන්නම හේතුව වන්නේ පසුගියදා හලාවත පැවති තිරික්කල් තරගයකදි සිදුවූ අනතුර සහ එයින් ගවයෙකුට සිදුවූ අනතුරත් සමග ඇතිවු සත්ව සුබසාධන සංවිධාන වල මැදිහත්විමත්, සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකිරීමයි.

මෙම සාකච්ඡාවේදී තිරික්කල්කරුවන් විසින්, ඉදිරි උත්සව කාලයේදී පැවැත්වෙන සම්ප්‍රදායික චාරිත්‍රවලට අදාළව සිදුකෙරෙන තිරික්කල් පැදවිම් සම්බන්ධයෙන් නීතිමය අවසර ලාබගැනිමේ ඇති අවශ්‍යතාවය මතුකර ඇති අතර ඒ සඳහා කිසියම් මාර්ගෝපදේශයක් අනුගමනය කිරිමට කැමැත්ත පළකර ඇත. මේ අනුව සෙනසුරාදා සහ ඉරිදා උදේ 6 සිට 7 දක්වා සිදුකරන තිරික්කල පුහුනුවීම් , අවුරුදු උත්සව වලදී සිදුකෙරෙන තරග, සඳහා අවසර ලබාගැනීමේ අවශ්‍යතාවය පළකර ඇත.

සබැඳි පුවත්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article