නීති විරෝධී දැල් භාවිතා කරමින් අනුරාධපුරය මහකනදරාව වැවේ මසුන් මරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුව ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මිහින්තලය – රඹාවැව පදිංචිකරුවන් දෙදෙනෙකුවය. සැකකරුවන් විසින් මසුන් මැරීම සදහා යොදා ගත් තංගුස් දැල් කට්ටලයක්ද වැටලීම කළ නිලධාරීන් තම බාරයට ගෙන ඇත.
තහනම් දැල් භාවිතා කරමින් ඇතමුන් විසින් මහකනදරාව වැවේ මසුන් මරණ බවට ලැබී තිබූ පැමිණිළි අනුව මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අනුරාධපුරය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මහකනදරාව මිරිදිය ධීවර සමිතියේ සාමාජිකයින්ගේ සහාය ඇතිව මෙම වැටලීම සිදුකර ඇත.

ජූඩ් සමන්ත







