spot_img
spot_img
Friday, July 3, 2026
spot_img
spot_img

මාධ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට ප්‍රංශයේ Expertise France ආයතනයේ සහාය

Must read

මාධ්‍යවේදීන්ගේ වෘත්තීය හැකියාවන් ඉහළ නැංවීම සහ මාධ්‍ය ක්ෂේත්‍රය සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය තාක්ෂණික ආධාර සහ පුහුණු සහාය ලබාදීමට ප්‍රංශ රජයේ Expertise France ආයතනය සිය එකඟතාව පළ කර තිබේ.


ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ ප්‍රංශ රජයේ Expertise France ආයතනයේ තිරසාර සංවර්ධනය පිළිබඳ අධ්‍යක්ෂ නිකොලස් ෂෙනේ (Nicolas Chenet) මහතා ඇතුළු නියෝජිත පිරිස අතර සාකච්ඡාවක් ඊයේ (02) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ වත්මන් මාධ්‍ය පරිසරය තුළ හරිත සංක්‍රමණය (Green Transition), පරිසර සංරක්ෂණය, ආපදා කළමනාකරණය සහ මාධ්‍යවේදීන්ගේ ශක්‍යතා සංවර්ධනය සම්බන්ධ කරුණු පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගන්නා ලදී.


රටේ ඉදිරි සංවර්ධන ඉලක්කයන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය, පුහුණු වැඩසටහන් සහ ධාරිතා සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා සහය ලබාදීමට Expertise France ආයතනය මෙහිදී සිය එකඟතාව පළ කළේය. මෙම සහයෝගීතාව තුළින් පරිසරය හා තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගේ දැනුම සහ වෘත්තීය හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීම මෙන්ම, ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගීතාව ඉදිරියටත් පුළුල් කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article