spot_img
spot_img
Thursday, September 17, 2026
spot_img
spot_img

ගව ඝාතනයට විරුද්ධවු අය නැසීමට උපදෙස් දුන් මව්ලවිට එරෙහිව JAN නඩුමගට

Must read

දුම්මලසූරිය ප්‍රෙද්ශයේ පසුගිය හජ් උත්සවයට පල්ලියක් විසින් ගවයින් 25ක් පමණ ඝාතනය කිරීමට තිබූ සූදානම එම ප්‍රෙද්ශයේම පිරිසක් විරුද්ධ වීම නිසා වැලකී තිබේ. JAN සංවිධානය (Justice for Animals & Nature ) මැදිහත් වී පොලිස්පතිට හා වයඹ පලාත් ජෙය්ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට පැමිණිලි කිරීමෙන් පසු පොලිසියෙන් අධිකරණයට කරුණු වාර්තාකර එය තහනම් කරන ලදී.

පසුව දුම්මලසූරිය මස්ජිදුල් අක්බර් මුස්ලිම් පල්ලියෙහි පුජකවරයා විසින් මෙම විරෝධතා දැක්වූ පුද්ගලයින් හට විරුද්ධව වෛරී ප්‍රකාශ සහිත දේශනාවක් පල්ලියේදී පවත්වා තිබේ. 2026/6/12 වන දින දේව මෙහෙයේදී, ‘කුර්බාන්’ වලට (සතුන්ගේ බෙලිකපා බිලිදෙන මිලේච්ඡ ක්‍රියාව) විරුද්ධ වූ සියලු දෙනාව ඝාතනය කලයුතු බවද, ඉස්ලාම් ආගමේ ක්‍රියාවලට එරෙහි වන අයව නැසිය යුතු බවද ආදී වශයෙන් භක්තිකයන්ට පැය භාගයකට අධික දේශනාවක් සිදුකර ඇත. ඒ ගැන මුස්ලිම් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක් දුම්මලසූරිය පොලිසියට පැමිණිලි කළ පසුව මෙම මව්ලවිවරයා වන ශිහබ්දීන් තම්සිර් නැමැත්තාගේ මෙම අන්තවාදී දේශනය ජාතික ආරක්ෂාවටද තර්ජනයක් බැවින් පොලිසිය විසින් සාමාන්‍ය තර්ජනයක් ලෙස අධිකරණයට වාර්තා කර තිබේ.

මෙම අන්තවාදී දේශනාව සම්බන්ධයෙන් JAN සංවිධානය (Justice for Animals & Nature ) විසින් ICCPR යටතේ චෝදනා ගොනුකරමින් නිතිමය පියවර ගැනීමට කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතාගේ උපදෙස් පරිදි පසුගියදා සත්ව ක්‍රියාකාරී නීතිඥ තනුජා නවරත්න JAN සාමාජිකයන් සමග කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනීසිට ලිඛිත දේශන හා අදාල ලේඛණ ඉදිරිපත් කර ඇති බව එම සංවිධානය සදහන් කර තිබේ.
අදාළ මව්ලවිවරයා විසින් සිදුකරන ලද වෛරී ප්‍රකාශ සහිත එම දේශනය තුළ තිබූ තර්ජනාත්මක ප්‍රකාශ එම පල්ලියේ බැතිමතුන්ට පමණක් නොව , දිවයිනේ වෙනත් ස්ථාන ගණනාවක හජ් නාමයෙන් මිලේච්ඡ ලෙස ඝාතනයට ගවයින් ගාල් කර තිබූ ස්ථාන පිලිබද පැමිණිලි කළ අපටද සෘජාවම අදාළ බව JAN සංවිධානය ප්‍රකාශ කොට තිබේ.

තොරතුරු – Justice for Animals & Nature සංවිදානයේ මුහුණු පොතින්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article