spot_img
spot_img
Sunday, October 11, 2026
spot_img
spot_img

GPS යන්ත්‍රය අක්‍රීයවිම නිසා තොඩුවාවේ බහුදින යාත්‍රාකරුවන් අර්බුදයක ?

Must read

තොඩුවාව ප්‍රෙදේශයේ සමස්ත ලංකා බහුදින ධීවරයන්ගේ වෘත්තීය සංගමයේ බහුදින යාත්‍රාකරුවන් පිරිසකට සිය යාත්‍රාෙව් GPS යන්ත්‍රය ක්‍රියාවිරහිතවීම නිසා මාස කීපයක සිට ධීවර රැකියාවේ නිරතවීමට නොහැකිව මහත් දුෂ්කරතා රැසකට මුහුණ පා සිටියි. ඔවුන් පවසන්නේ අවසාන වරට මුහුදු ගොස් පැමිණි පසුව GPS යන්ත්‍රය ක්‍රියාවිරහිතවීම හේතුකොට ධීවර අමාත්‍යංශය මේ වනතෙක් ඔවුන්ගේ බහුදින යාත්‍රාවට මුහුදට යාමට අවසර ලබාදී නොමැති බවයි. එම නිසා ධීවරයින් 18 දෙනෙකුට පමණ සිය ජීවිකාව කරගැනීමට නොහැකි වී ඇති බව ඔවුන් පවසයි.
මෙම GPS උපකරණ ලබාදී ඇති VMS ආයතනය අවසන් වරට ක්‍රියාවිරහිත වූ සිය GPS උපකරණය සැප්තැම්බර් 16 වෙනිදා යාවත්කාලීන කළ බවත් ධීවරයින් පවසයි. ඉන්පසුව නැවතත් අගෝස්තු මස 28 වනදා GPS උපකරණය ක්‍රියා විරහිත වී ඇති අතර ඔවුන් මේ සම්බන්ධයෙන් පසුගිය 02 වනදා ධීවර අමාත්‍යාංශයට පැමිණිල්ලක් ලබාදී ඇත. මේ වෙනතෙක් ඔවුන්ගේ GPS යන්ත්‍රය සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශය හරහා කිසිදු විසදුමක් ලැබී නොමැති අතර මෙම ගැටළුවට මුහුණ දී ඇති ධීවරයින් සිය රැකියාව සදහා බහුදින යාත්‍රාව මුහුදට පිටත්කරවීමට නොහැකිව අර්බුද රැසකට මුහුණ දී සිටිති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article