spot_img
spot_img
Monday, October 12, 2026
spot_img
spot_img

බොරලැස්සේදී තරුණයෙකු දුම්රියේ ගැටෙයි

Must read

වසා දමා තිබූ දුම්රිය හරස් මාර්ගයක් හරහා යතුරු පැදියක් ධාවනය කිරීමට උත්සාහ කළ අයෙකු දුම්රියේ ගැටී සිදුවී ඇති අනතුරකින් මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ දංකොටුව – උතුරු ගෝනාවිල පදිංචිකරුවෙකු වන නාත්තන්ඩියගේ ඩිලුක් මධුෂාන් ප්‍රනාන්දු (අවු:35) නම් අයෙකි.

ඉකුත් 11 වැනිදා රාත්‍රී 11.00 ට පමණ කොළඹ සිට හලාවත දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.හලාවත – කොළඹ මාර්ගයේ බොරලැස්ස – කිරාගාර දුම්රිය හරස් මාර්ගය වසා දමා තිබියදී අනතුරට පත්ව ඇති අය එම මාර්ගය හරහා යතුරු පැදියකින් ගමන් කිරීමට උත්සාහ කරන විට අනතුර සිදුවී ඇත.අනතුරින් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

මිය ගොස් ඇති අයගේ සිරුර මාරවිල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර,පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article