spot_img
spot_img
Friday, November 6, 2026
spot_img
spot_img

ඉස්සන් ආනයනයට විරෝධය පා දේශීය ඉස්සන් ව්‍යාපාරිකයෝ හලාවතදී රැස්වෙති

Must read


ප්‍රති-අපනයනය සඳහා ඉස්සන් ආනයනය කිරීම හේතුවෙන් දේශීය ඉස්සන් කර්මාන්තයට සිදුවන බලපෑම පිළිබඳව ශ්‍රී ලංකා Aquaculture Development Alliance (SLADA) නම් සංවිධානයක් විසින් සංවිධානය කළ විශේෂ රැස්වීමක් පසුගිය 04 වනදා පස්වරු 2.00 ට හලාවත, නිලාවින් හෝටලයේදී පැවැත්විණි. මෙම රැස්වීමට හලාවත ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඉස්සන් ව්‍යාපාරිකයින්, ධීවරයින් සහ කර්මාන්තයට සම්බන්ධ විශාල පිරිසක් සහභාගී වුහ.

ප්‍රති-අපනයනය සඳහා ඉස්සන් ආනයනය කිරීම හේතුවෙන් දේශීය ඉස්සන් කර්මාන්තයට සිදුවන බලපෑම පිළිබඳව සහ ඒ මගින් දේශීය ඉස්සන් ව්‍යාපාරයට මුහුණ දීමට සිදුව ඇති අභියෝග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ගෙන තිබේ. ඒ අනුව විශේෂයෙන්ම ඉන්දියාවෙන් ඉස්සන් ගෙනවිත් ලංකාවේ වෙළඳපොළට නිකුත් කිරීම සහ ප්‍රති-අපනයනය කිරීම වහාම නවත්වන ලෙසත්, දේශීය ඉස්සන් කර්මාන්තකරුවන්ගේ ජීවනෝපාය ආරක්ෂා කරන ලෙසත්, මෙම රැස්වීමේදී අවධාරණය කර ඇති අතර වහාම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවීමටද මෙහිදී තීරණය විය.

දේශීය ඉස්සන් කර්මාන්තය බිඳ වැටීමට ඉඩ නොදී එය රැක ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවට අත් ඔසවා රැස්වීමේදී අවධාරණය කර ඇත.

මධු පෙරේරා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article