spot_img
spot_img
Wednesday, November 4, 2026
spot_img
spot_img

විශේෂ ඩෙංගු මර්දන සතිය නොවැම්බර් 09 සිට 14 දක්වා

Must read

අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය කරමින් විශේෂ ජාතික ඩෙංගු මර්දන සතියක් නොවැම්බර් 09 වැනිදා සිට 14 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

දිවයින පුරා පවතින කාලගුණික වෙනස්වීම්, ඩෙංගු කීට විද්‍යා දර්ශක සහ පසුගිය කාලසීමාවේ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

මෙම විශේෂ ඩෙංගු මර්දන සතිය මීට පෙර නොවැම්බර් 02 වැනිදා සිට 07 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණද, දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එය නොවැම්බර් 09 වැනිදා සිට 14 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කර තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රමුඛව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ විවිධ ස්වේච්ඡා සංවිධානවල සහාය ලබාගැනීමට නියමිතය.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීම සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතා සහභාගීත්වය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article