2027 වසර සදහා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ අය – වැය අද(13) සම්මත විය.
ඒ සභාපති ජයරත්න ජයසේකර මහතා විසින් 2027 වසර සදහා වන අය – වැය ලේඛණය සභාවට ඉදිරිපත් කර තිබුණි.
ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ පාලන බලය හිමිවී ඇත්තේ ජාතික ජන බලවේගය පක්ෂයට.
සභවේ සභික සංයුතිය අනුව ජාතික ජන බලවේගය පක්ෂය සභිකයින් 10 දෙනෙකු නියෝජනය කරන අතර,සමගි ජන බලවේගය,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ,ජනතා සන්ධානය,එක්සත් ජාතික පක්ෂය සහ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙසින් විපක්ෂයට සභික ධූර 12 ක් හිමිවී ඇත.
ඒ අනුව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ වැඩි බලයක් හිමී ඇත්තේ විපක්ෂයට.
අය – වැය සදහා ඡන්දය විමසන අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ සභික ජගත් සමන්ත පෙරේරා මහාධිකරණ නියෝගයක් මත සිර දඩුවම් නියම වී සිටී.ස්වාධීන කණ්ඩායමේ සභික අජිත් පද්මසිරිද අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටී.ඒ අනුව අය – වැය ඡන්දය විමසීමේදී පක්ෂව ඡන්ද 10 ක්ද,විපක්ෂව ඡන්ද 10 ක්ද හිමි විය. අවසානයේදී සභාපති ජයරත්න ජයසේකර මහතාගේ තීරක ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් 2027 වසර සදහා වන අය – වැය ලේඛණය වැඩි ඡන්දයෙන් සභා සම්මත විය.
ජුඩ් සමන්ත







