spot_img
Saturday, March 7, 2026
spot_img

හිරියාලේ කුඹුරු අක්කර දෙසීයක තිබහ නිවන හකිරිල්ල ජලාශයේ ඉදිකිරීම් ඇරඹෙයි.

Must read

ජල හිගය හේතුවෙන් දැනට වගාකළ නොහැකිව පවතින කුඹුරු අක්කර පන්සියයක් අඵතින් අස්වැද්දවීමේ අරමුණින් ඉබ්බාගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හකිරිල්ල ජලාශය ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික අමාත්‍ය එස්. බී. නාවින්න මහතා සහ හිරියාල එජාප ප‍්‍රධාන සංවිධායක ජගත් මංජුල යාපා යන මහතාගේ අතින් ඊයේ ( 09 දා) සිදුකෙරිණි.

රුපියල් ලක්ෂ පන්සියයක වියදමින් ඉදිකිරීමට නියමිත මෙම ජලාශයෙන් පෙරියකඩුනැලව, වෑවලගම, දීයාව, දොළුව සහ හකිරිල්ල ඇතුලු ගම්මානවල පිහිටි, ජල හිගය හේතුවෙන් දැනට කුඹුරු වගාකළ නොහැකි කුඹුරු අක්කර 200 කට වැඩි ප‍්‍රමාණයක් වෙත ජලය සැපයීමට නියමිතය. අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික අමාත්‍යශයේ ප‍්‍රතිපාදන මත ඉදිකෙරෙන හකිරිල්ල ජලාශයේ ඉදිකිරීම් වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ සිදුකිරීමට නියමිතය.

දොළුකන්දෙන් ගලා හැලෙන උල්පත් ජලය සහ වැසි ජලය රඳවාගත හැකි ස්වභාවික පිහිටීමක් සහිත භූමියක ඉදිකෙරෙන හකිරිල්ල ජලාශයේ ඉදිකිරීම් අවසන්වීමෙන් පසුව අක්කර අඩි 62 ක පමණ ජල ධාරිතාවයක් එහි රදවාතබා ගත හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. ලබන ජූනි මාසය වන විට මෙම ජලාශයේ ඉදිකිරීම් අවසන් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබේ.

hakirilla_1 hakirilla_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article