Friday, May 17, 2024

මිනිස්සුන්ට දහජරාව කවන්න ගිය කුලියාපිටියේ මුදලාලිලාට වැඩ වරදී !

Must read

උත්සව සමය දඩමීමා කරගනිමින් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවිකිරීමේ යෙදුණු බව කියන සහ කුලියාපිටිය නගරයේ පිහිටි වෙළදසැල් සහ ආපනශාලා 14 කට එරෙහිව නඩු පැවරීමට කුරුණෑගල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීහු විසින් ඊයේ (08 දා ) කටයුතු කළහ.

කුරුණෑගල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ දිනය පුරා කුලියාපිටිය නගරයේ පිහිටි වෙළදසැල් සහ ආපනශාලා දැඩි පරීක්ෂාවකට ලක් කළහ. එහිදී පරීක්ෂාවට ලක් වූ ආපනශාලා විශාල ප‍්‍රමාණයක සේවයේ යොදවා සිටි සේවක සේවිකාවන්ගේ අපිරිසිදුකම සහ ආපනශාලා තුළ පැවැති අපිරිසිදු තත්වයන් හේතුවෙන් එම ආපනශාලාවන්හි හිමිකරුවන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් කටයුතු කළහ.

කල් ඉකුත් වූ ආහාර වර්ග අලෙවිකිරීමේ චෝදනාව යටතේ සහ මස් මාංශ, කිරි ,සිසිල් බීම සහ අයිස්ක‍්‍රීම් ආදිය එකම ශීතකරණයක් තුළ ගබඩාකරගෙන අලෙවිකිරීමේ චෝදනාව යටතේ වෙළදසැල් හිමිකරුවන්ට පිරිසකට එරෙහිව නඩු පැවරීමටද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් මෙහිදී කටයුතු කළහ. පරීක්ෂාවට ලක් කළ ආපන ශාලා 26ක හිමිකරුවන්ට දැඩි අවවාද කිරීමටත් සහ තවත් ආපන ශාලා 12 ක තිබී අත්අඩංගුවට ගත් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීත් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීහු පියවර ගත්හ.

කුරුණෑගල දිස්ත‍්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එස්.කේ.කේ.පතිරණ, දිස්ත‍්‍රික් ආහාර සහ ඖෂධ පරීක්‍ෂක කේ.ඩබ්. සුසිරිපාල යන මහත්වරුන් ඇතුලු මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම වැටලීම් සිදුකළහ.

kuliyapitiya_phi_3 kuliyapitiya_phi_1 kuliyapitiya_phi_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article