Saturday, May 18, 2024

පුත්තලම දිසාපතිට ‍තේරෙන දේ වයඹ සභාවේ සම(හරක්ට) නොතේරෙන්නේ ඇයි ?

Must read

puttalam_gaමාධ්‍ය‍වේදීන්ගේ කැමරාව හෝ පෑන උදුරාගෙන කිසිවෙකු විසින් හෝ ඔවුන් පාලනය කිරීමට උත්සාහ කරනවා නම් තමන් කිසිමවි‍ටෙක එය අනුමත කරන්නේ නැති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් .එච්.එම් .චිත්‍රානන්ද මහතා පැවසිය.

 දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ අපදා කළමණාකරය පිළිබදව දැනුවත් කිරීම සම්බන්ධව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා සංවිධානය කර තිබු වැඩමුළුවට එක්වෙමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේද පැවසීය.

‘‘ මාධ්‍ය නැතුව අද අපිට කිසිම දෙයක් කරන්න අමාරුයි. ඒ මොකද මාධ්‍ය ඒ තරමට ප්‍රබලයි . ඒ බව අපි තේරුම්  ගත යුතුයි.

අද වන විට වයඹ පළාත් සභාව මාධ්‍ය සමග ආරවුලක් ඇති කර ගෙන තිබෙන බව දිගින් දිගටම වාර්තා වෙනවා. එහිදී වෙන්නේ පළාත තුළ සිදුවන යහපත් දේ අද වාර්තා නොවීමයි . දිගින් දිගටම වයඹ පළාතේ වැරදි, අඩුපාඩු වාර්තාවීම එතරම් යහපත් නෑ. එයින් සිදුවන්නේ පළාත් සභාවට නරකක් බව අපි තේරුම් ගත යුතුයි. එයින් මා අදහස් කරනනේ නැහැ අපේ කරන නරක වහලා වාර්තා කරන්න කියලා .

රාජ්‍ය නිලධාරියෙකු ලෙස මා නිතරම මාධ්‍ය සමග බොහෝම සුහද ලෙස ගණුදෙනු කරනවා. යම් මාධ්‍යවේදියකු මගේ දුරකථනයට අරන් එය මගහැරි තිබුනොත් මම ආපසු ඇමැතුමක් අරගෙන අහනවා ඇයි මට කතා කළේ කියලා. එක මගේ පුරුද්දක් . මාධ්‍ය‍වේදීන්ගේ කැමරාව හෝ පෑන උදුරාගෙන කිසිවෙකු විසින් හෝ ඔවුන් පාලනය කරන්න යනවාම් එක මා කිසිමවි‍ටෙක එය අනුමත කරන්නේ නෑ. මොකද ඔබගේ වගකීම රාජකාරියට බාධා කිරීම වටින්නේ නැ. එවැනි දේ නොකළ  යුතු දෙයක්  .

ඔබ ලියන අඩුපාඩු අපිට හරිම වැදගත්. මොකද එයින් අපි දැන ගන්නවා දිස්ත්‍රික්කයේ පවතින සැබෑ තත්වය . එය හෙළිකිරීම මාධ්‍ය‍වේදීන්ගේ වගකීම ලෙස මම දකිනවා .

පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article