spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

ආණමඩුවේදී අයෙක් යටකර මැරූ ඇමැති පුතා අත්අඩංගුවට !

Must read

yasodha_range_bandaraපුද්ගලයකු අනතුරට ලක් කර මරණයට පත්කිරිමේ චෝදනාවට සැකපිට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යසෝධ රංගේ බණ්ඩාර ඇතුළු තිදෙනෙකු පොලිසිය විසින් ඊයේ (24 දා) රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ආණමඩුව, ධර්මපාලය ප්‍රදේශයේදී ඊයේ (24දා ) රාත්‍රි 7.30 ට පමණ සිදු වී ඇති මෙම අනතුරින් මරණයට පත්ව ඇත්තේ ආණමඩුව නගරයේ වෙළදසැලක සේවකයකු ලෙස සේවය කරනු ලබන ධර්මපාලය ප්‍රදේශයේම පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ ගාමිණි වන්නිනායක (42) නැමති අයෙකි.

මෙම පිරිස පළුගස්හංදිය පොලිස් මාර්ග බාධකයේදි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article