spot_img
spot_img
Friday, July 3, 2026
spot_img
spot_img

කරුවලගස්වැව යතුරු පැදි අනතුරක්- පුද්ගලයෙක් මරුට

Must read

යතුරු  පැදියක් ඇල මාර්ගයක පාලමක ගැටී සිදුවී ඇති අනතුරකින් තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති තරුණයෙකු මිය ගොස් ඇති බව කරුවලගස්වැව ප්‍රෙද්ශයෙන් වාර්තා වේ. 02 වැනිදා රාත්‍රීයේ කරුවලගස්වැව – රජවිගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ කරුවලගස්වැව – රජවිගම පදිංචිකරුවෙකු වන අබේසිංහ හේරත් මුදියන්සේලාගේ අවිදු රන්දීප අබේසිංහ (අවු:21) නම් අයෙකි.

අධික වේගයෙන් ධාවනය වී ඇති යතුරු පැදිය රජවිගම ඇල මාර්ගයේ ඇති පාලමක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.අනතුරින් තුවාල ලබා ඇති තරුණයින් දෙදෙනාව ප්‍රතිකාර සදහා එම අවස්ථාවේදීම ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත.බරපතල තත්ත්වයේ පසුවූ එක් තරුණයෙකුව කුරුණෑගල ශීක්ෂණ රෝහලටද අනෙක් තරුණයාව පුත්තලම මූලික රෝහලටද මාරු කර යැවීමට ආණමඩුව දිසා රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර ඇත.

කුරුණෑගල ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා 03 වැනිදා අළුයම මිය ගොස් ඇත.කරුවලගස්වැව පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article