හෙට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම සදහා ඡන්ද පෙට්ටි සහ ඡන්දපොළ නිලධාරීන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ප‍්‍රවාහනය කිරීම අද උදෑසන ආරම්භ කෙරිණි.
කුරුණෑගල කාර්මික විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයෙහි පිහිටුවා ඇති ප‍්‍රධාන නිකුත් කිරීමේ මධ්‍යස්ථාන දෙකකින් කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ ස්ථාපනය කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 925 ක් වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතී.
පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ දැඩි රැකවල් මධ්‍යයේ සිදු කෙරෙන සදහා ඡන්ද පෙට්ටි සහ ඡන්දපොළ නිලධාරීන් ප‍්‍රවාහනය කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සදහා විදෙස් මැතිවරණ නිරීක්ෂකයින් පිරිසක්ද කුරුණෑගලට පැමිණ සිටිති.

















