Friday, May 3, 2024

”තුණ්ඩු විසිකරලා අහුවුනත්, බෙදලා අහුවුණත් නවතින්න වෙන්නේ ආණ්ඩුවේ බෝඩිමේ තමයි. ” මැකෝ කියයි.!

Must read

අද සහ හෙට දිනවලදී අපේක්ෂක අංක සහිත කුඩා තුණ්ඩු කැබලි ඡන්දපොළ අවට විසුරුවා හරින පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා කියයි.

මැතිවරණ කොමසාරිස්වරයා මෙසේ පැවැසුවේ ඊයේ (15 දා ) රාත‍්‍රියේ සිරස රූපවාහිනිය සමග වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මැතිවරණ කොමසාරිස්වරයා මෙසේද කීය.

” අර ගෙදරට එන මනාප අංක කඩදාසිය ආවේ නැත්නම් කැමැති කෙනෙකුට අපේ වෙබ් අඩවියෙන් බලාගන්න පුලූවන්. එහෙම නැත්නම් ඕනෑම කෙනෙකුට බලාගන්න ඡන්දපොළේත් මේ දැන්වීමක් තියෙනවා. අපි ඒක නිසා අපේක්ෂකයෝ කාටත් කියන්න කැමැතියි , හෙට රාත‍්‍රියේ ඡන්දපොළ අවට මේ පොඩි පොඩි තුණ්ඩු කෑලි විසිකරන්න ඕනෑ නෑ. අනිද්දා උදේටත් තුණ්ඩු බෙදන්න යන්න ඕනෑත් නෑ. තුණ්ඩු විසිකරනවා අහුවුනත්, තුණ්ඩු බෙදනවා අහුවුණත් ඒ ගොල්ලන්ට නවතින්න වෙන්නේ රජයෙන් කෑම දෙන පොලිස් ස්ථානයේ සහ රක්ෂිත බන්ධනාගාරයේ පමණයි. අපි මේ දඩුවම ක‍්‍රියාත්මක නොකර සිටිනවා කියලා කිසිවිටෙක හිතන්නට එපා.

අනිත් එක ආගමික උත්සව මුවාවෙන් මේ ආගමික සිද්ධස්ථානවල කරන දේශපාලන ක‍්‍රියා. ඒවා දේශපාලනයටත් ඉතාම නරකයි. ආගමටත් හොද නෑ. තමන් ආශිර්වාද ගන්න එක වෙනම දෙයක්. නමුත් පිරිසක් එක්ක යන්න එපා. අයුතු බලපෑම් කියලා එකක් අපේ පනතේ තියෙනවා. ඒකට අහුවුණොත් අනිවාර්යෙන්ම මන්ත‍්‍රීධූරය අහිමි වෙනවා. අන්ෂීට් වෙනවා කියන වැරැදි තියෙන්නේ බැලූ බැල්මට හොර ඡන්ද දැමීම, සංග‍්‍රහ කිරීම, අයුතු බලපෑම සහ අල්ලස.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article