spot_img
Saturday, March 7, 2026
spot_img

නාවුක උපකරණයක් ඉරණවිල වෙරළට ගොඩගසයි

Must read

03

නිෂ්චිතවම හදුනා නොගත් ධීවර හෝ නාවුක උපකරණයක් හලාවත වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇති බව හලාවත පොලීසිය කියයි.

හලාවත – ඉරණවිල මාර්ගයේ පිහිටා ඇති වෙරළ ආරක්ෂක බලකායේ කදවුරට ආසන්නයේ වෙරළට මෙම උපකරණය ගොඩ ගසා ඇත.වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් එම උපකරණය කඹ යොද ගැට ගසා ඇති ආකාරයක් දක්නට ඇත.

අඩි 10 – 15 ක් පමණ උස මෙම උපකරණය බෝයාවක් වීමට හැකි බව ඇතමුන් සදහන් කරයි.මුහුදේ යාත්‍රා කරන නැව් වළට ගමන් මාර්ගය පෙන්වීම සදහා මෙම උපකණය යොදා ගන්නා බවට තවත් පිරිසක් සදහන් කරති.කෙසේ වෙතත් මෙම උපකරණය කුමක්ද යන්න නිෂ්චිතවම මෙතෙක් හදුනා ගෙන නැත.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article