Saturday, May 18, 2024

අනාරක්ෂික ලිඳකින් දැරියකගේ මළසිරුරක්

Must read

 

Death_Picture_EPS

අනාරක්ෂිත ළිදක තිබී දස හැවිරිදි දැරිවියකගේ සිරුරක් හමුවී ඇති බව නවගත්තේගම පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ නවරත්න මුදියන්සේලාගේ නෙත්මි සත්සරණී (අවු:10) නම්වූ දැරිවියකි.
පසුගිය 21 වැනිදා දහවල් කාලයේ මෙම දැරිවිය තම මවද සමග නිවසේ සිට ඇත.නමුත් ඉන් අනතුරුව ඇය අතුරුදහන්වී ඇත.පවුලේ අය සහ ගම්වාසීන් විසින් දැරිවිය සම්බන්ධයෙන් සොයා බලා ඇති නමුත් තොරතුක් ලැබී නැත. පසුව මව්පියන් විසින් තම දැරිවියගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් නවගත්තේගම පොලීසියට පැමිණිල්ලක්ද කර ඇත.
22 වැනිදා පෙරවරුවේ ගම්වාසීන් විසින් දැරිවිය පදිංචිව සිටි ගෙවත්තේ ඇති අනාරත්ෂිත ළිදක් පරීක්ෂා කරන විට මළ සිරුර එහි තිබී හමුවී ඇත.
නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article