spot_img
Saturday, March 7, 2026
spot_img

බස් රථවල කැසට් භාවිතය ඔබට හිරිහැරනම් ඔබට පැමිණිලි කල හැකියි

Must read

radio-tape-cassette-player-cartoon-450w-158239871
මගී ප්‍රවාහන බස් රථ වල වාදනය වන අධික ශබ්ද සහිත කැසට් යන්ත්‍රවලින් මගී ජනතාවට  විශාල පීඩාවක් ඇතිවන බවට වූ චෝදනා නැගෙන්නේ බොහෝ කලක සිටය.රේඩියෝ යන්ත්‍රයක් පාවිච්චි කිරීමට නීතිමය බාධාවක්  නොමැති වුවද කැසට් යන්ත්‍ර භවිත කිරීමට අවසරයක්  නොමැති බස්‍ රථ සේවකයන්ද නොදන්නවා විය නොහැකිය.
එහෙත්  එම වරද අඛණ්ඩව සිදුවේ. මේ පිළිබඳව මාර්ගස්ත ප්‍රවාහන අධිකාරියෙන් විමසූ විට  ඔවුන් කියා සිටියේ මගීන්ගෙන් පැමිණිලි ලැබේ නම්  ඒ ගැන පරීක්ෂා කොට  අදාල රියදුරන්ට දඩ නියම කරන බවය.
කලයුත්තේ මගී ජනතාව මේ පිළිබඳව පැමිණිලි කිරීම බව පැහැදිලිය.
එවැන්නක් සඳහා පෙළඹෙන්නන් විරල විය හැකි වුවත් යම් අයෙකු   ඉදිරිපත් වන්නේ නම් 1955 අංකය භාවිත කරමින් එම පැමිණිල්ල මුදල් අය කිරීමකින් තොරව කලහැකි බව පෙන්වා දෙමු.
 ඔබට ඇති අයිතිවාසිකමක් ඇඟ නොරිදවාගෙන අභ්‍යාස කිරීමට මෙය හොඳ අවශ්‍තාවකි.
(අංක 12294 යටතේ වයඹ ටුඩේ වෙනුවෙන් මේ සම්බන්ධයෙන්වූ පැමිණිල්ලක්  ප්‍රවාහන අධිකාරියට ඉදිරිපත් කොට ඇත.)
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article