පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් පයිසාල් මහතා ගමන් ගත් මෝටර් රථය 30 දින අලුයම හලාවත කාක්කපල්ලිය ප්‍රදේශයේදි මාරක අනතුරකට ලක්ව ඇත. තම පුද්ගලික කටයුත්තක් සදහා ගොස් ආපසු මදුරන්කුලිය ප්‍රදේශයේ නිවස වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්වි ඇති බවත් ඔහුට අනතුරින් බරපතල තුවාල නැති බවත් වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේදි මන්ත්‍රිවරයා පමනක් මෝටර් රථයේ ගමන් කර ඇති අතර නින්ද යාමත් සමග මෝටර් රථය මන්ත්‍රිවරයාගේ පාලනයෙන් මිදි හලාවත කාක්කපල්ලිය ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පක ගැටි නැවති ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. අනතුරීන් මන්ත්‍රිවරයා ගමන් ගත් මෝටර් රථය බරපතල හානි සිදුව ඇති බව වාර්තා වේ.
පා.මන්ත්‍රී මොහොමඩ් පයිසාල් මහතා 2025 වසරේ පෙබරවාරි 14 වනදා දංකොටුව ප්‍රෙද්ශයේදී ද රිය අනතුතරකට මුහුණ දුන් අතර vezel වර්ගයේ කාර් රථයක ගමන් කරමින් සිටියදී ඔහුගේ රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවූ අතර ඉන් වෙන්නප්පුව ප්‍රෙද්ශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.
ඡායාරූප උපුටා ගැනීම – මාධ්‍යවේදී හිරාන් ප්‍රියංකර මහතාගේ මුහුනු පොතින්.








