මෙවර යල කන්නයේ ගොවින්ගේ වී තොග වලින් මෙට්‍රික් ටොන් 1200 ක් ප්‍රමානයක් මේ වන විට රජයේ සහතික මිල ගණන් යටතේ ලබා ගෙන ඇති අතර තව දුරටත් වී මිළදි ගැනිම සිදුවෙමින් පවතින බව වී අළෙවි මංඩලයේ ප්‍රාදේශීය කළමණාකරු වන නිමල් තෙන්නකෝන් මහතා පවසයි. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ රාජකදළුව,ආණමඩුව,තබ්බෝව හා ඉපලෝගම යන ගබඩා වලින් මෙට්‍රික් ටොන් 1200 ක වී තොග මිලදි ගැනිම සිදුව ඇති බව වාර්තා වේ. මෙම ක්‍රියාවලියේදී ගොවීන්ට වී වෙනුවෙන් සිදුකරන ගෙවීම් වල ප්‍රමාදය සම්බන්ධයෙන් ප්‍රෙද්ශ වල ගොවීන් චෝදනා කර ඇත. එහිදි එක් ගොවියකුගෙන් ලබා ගන්නා වී ප්‍රමානය කිලෝ 2000 ට සිමා වි තිබිම හේතුවෙන් තම වි වලින් කොටසක් පුද්ගලික වී මිළදි ගැනිම් කරනු ලබන ව්යාපාරීකයින්ට අලේවි කිරීමට සිදුව ඇති බව ගොවීහු පවසති.
සිදුකරන ලද විමසීමකදී අදාල වී මිළදි ගැනිම සදහා රජය රුපියල් මිලියන 150 මුදලක් යොදවා ඇති බවත් එයින් මිලියන 100 ක මුදලක් මේ වන විට ලබාගෙන ගොවින් වෙත ගෙවිම් සිදුකරමින් පවතින බවද වී අළෙවි මන්ඩලයේ ප්‍රාදේශීය කළමණාකාරවරයා විසින් ප්‍රකාශ කර තිබේ.
රජයේ වී මිළදි ගැනිමේ ක්‍රියාවලියට ක්‍රියාත්මක වන ආකාරය ගැන ගොවීහු ප්‍රශංසා කරන අතර ඔවුන් මුහුන දෙන ගැටළුව ගැනද අවධාරණය කර තිබේ.
තොරතුරු උපුටා ගැනිම – හිරාන් ප්‍රියංකර ජයසිංහ







