spot_img
Saturday, March 7, 2026
spot_img

ලංගමයක් රංගමදී කැලේ දුවයි. (VIDEO)

Must read

කුරුණෑගල – ගනේවත්ත මාර්ගයේ වැල්ලව, රංගම ප‍්‍රදේශයේදී ඊයේ (14 දා ) පස්වරුවේ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ පිහිටි ගෙවත්තකට කඩාවැදීමෙන් බරපතල අනතුරකට ලක්ව තිබූ නමුත් එම බස් රථයේ ගමන් කරමින් සිටි මගීහු තුවාලයක් හෝ සිදු නොවී දිවිගලවාගැනීමට සමත්වූහ.

ඊයේ පස්වරු 3 ට පමණ අනතුරට ලක් වූ කියන මෙම බස් රථය මාර්ගය අයිනේ තිබූ විදුලි කණු කිහිපයක් සහ ගේට්ටුවක් කඩාගෙන ගොස් නිවසකට මීටර් කිහිපයක් තිබියදී නතර වී තිබිණි. අනතුරට ලක් වූ බස් රථය ගනේවත්තේ සිට කුරුණෑගල බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල උතුරු ඩිපෝවට අයත් බස් රථයකි. අනතුර සිදුවන විට බස් රථයේ සිට ඇත්තේ මගීන් 15 කට ආසන්න පිරිසක් පමණක්වීම සහ බසය කඩාවැදුණු ගෙවත්තෙහි කිසිවෙකුත් නොසිටීම හේතුවෙන් සිදුවීමට ගිය මහත් විනාශයක් වැළැකී ගිය බව ප්‍රදේශවාසීහු කියති.

ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක බස් රථය ගැටීම වැළැක්වීමට එහි රියදුරා විසින් උත්සාහ කිරීමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුවන්නට ඇති බවට අනතුර පිළිබද පරීක්ෂණ පවත්වන වැල්ලව පොලිසිය සැකකරයි.

එම අනතුරේ වීඩියෝව සහ ඡායාරූප පහතින් දැක්වෙයි.rangama_acident_1 rangama_acident_2 rangama_acident_3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article