spot_img
spot_img
Tuesday, July 21, 2026
spot_img
spot_img

වනජීවී ඉතිහාසයේ ප්‍රථම වතාවට නිලධාරීන්ට පදක්කම්

Must read

ශ්‍රී ලංකා වනජවී ඉතිහාසයේ ප්‍රථම වතාවට වනජීවී නිලධාරීන් සඳහා පදක්කම් ප්‍රදානයක් ගිරිතලේ ජාතික වනජීවී පුහුණු හා පර්යේෂණ කේන්ද්‍රයේ දී සිදුකරන ලදී. මෙම පදක්කම් ප්‍රදානය පරිසර ගරු අමාත්‍ය දම්මික පටබැඳී මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණ අතර මෙහිදී වනජීවී නිලධාරීන් 30 දෙනෙකුට සේවා කාලය සහ වනජීවී ක්ෂේත්‍ර අධ්‍යාපන නිපුණත්වය යටතේ රන්,රිදී සහ ලෝකඩ පදක්‌කම් ප්‍රදානය කරන ලදි. වනජීවී නිලධාරීන් විසින් දිවි පරදුවට තබා ආරක්ෂා කර ගත් මෙරට වනජීවී සම්පත ඉදිරියට ත් කාර්යක්ෂම පවත්වාගෙන යාම සදහා වනජීවී නිලධාරීන් දිරි ගැන්වීම අරමුණු කර ගෙන මෙලෙස පදක්‌කම් පැලදවීම සිදු කෙරුණා.

වනජීවී නිලධාරීන්ගේ සේවයට තිබෙන කැපවීම, න්‍යායික දැණුම, ක්ෂේත්‍ර නිපුණත්වය, කාර්ය සාධනය,විනය සහ විශේෂ මෙහෙයුම් සදහා දක්වනු ලබන උද්යෝගය ආදිය සැලකිල්ලට ගෙන ඉදිරියේදීද මෙවැනි පදක්කම් ප්‍රදානය කිරීමට අපේක්ෂිතයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article