spot_img
Saturday, March 7, 2026
spot_img

වාර විභාගය අතරතුර සිසුවියක් රෝගාතුරව මියයයි

Must read

 

 

exam

 

වාර විභාගයට පිළිතුරු ලියමින් සිටි පාසල් සිසුවියක් හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

මිය ගොස් ඇත්තේ වනාතවිල්ලුව – කාටුපුලියන්කුලම පදිංචිව සිටි ජේ.ඒ.රවීෂා ධනංජනී (අවු:13) නම්වූ පාසල් සිසුවියකි.

වනාතවිල්ලුව – බණ්ඩාරනායක පුර මහා විද්‍යාලයේ 8 වන වසර පන්තියේ ඇය ඉගෙණුම ලබමින් සිට ඇත.06 වැනිදා පෙරවරුවේ ඇය වාර විභාගයට පෙනී සිටින අතර තුර හදිසියේම රෝගී තත්ත්වයක් පෙන්නුම් කර ඇත.වහාම ක්‍රියාත්මක වී ඇති ගුරුවරුන් දැරිවියගේ මව ගෙන්වා ඇයව බාර දී රෝහල් ගත කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව දැරිවියව ඇයගේ මව විසින් වනාතවිල්ලුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.දැරිවියගේ තත්ත්වය බරපතල බැවින් ඇයව පුත්තලම මූලික රෝහලට මාරු කර යැවීමට වනාතවිල්ලුව ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර ඇත.පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන විටත් ඇය මිය ගොස් තිබී ඇත.

මිය ගොස් ඇති දැරිවියගේ පී.සී.ආර්.පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.


ජුඩ් සමන්ත

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article