Saturday, May 18, 2024

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විදේශ අමාත්‍යාංශයේ පූර්ව අවසරයෙන් තොරව පැමිණිමට අවසර

Must read

IMG_9427ශ්‍රී ලංකාවට පැමිණෙීමේ බලාපොරොත්තුවෙන්  විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් හට පනවා ඇති සීමා, ලිහිල්කිරීමට ජනාධිපතිවරයා නියෝගකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ගෝලීය වසංගත තත්ත්වයමත දැනට වසරකට ආසන්න කාලයක සිට පැනවී තිබූ මෙම තහංචි ලිහිල් කරන ලෙස විදේශයේ වෙසෙන ශ්‍රිලාංකිකයින් දැඩි ලෙස ඉල්ලා සිටින ලදී. සංශෝධනය කර ඇති විදේශ අමාත්‍යාංශයේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන්  මෙසේ සදහන් වේ.

”මෙම නව ක්‍රියාපටිපාටිය යටතේ, ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර මඟින් ගමන් කරන ද්විත්ව පුරවැසියන්, ශ්‍රී ලාංකිකයන්ගේ විදේශික කලත්‍රයන් හා අවිවාහක දරුවන් සහ ගුවන් මගින් පැමිණෙන ශ්‍රී ලංකා නාවිකයින්ට විදේශ අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ව අනුමැතියකින් තොරව ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර දෙනු ලැබේ.

කෙසේ වෙතත්, කළමනාකරණය කළ හැකි මගීන් සංඛ්‍යාවක් පවත්වා ගැනීමේ වගකීම සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත පවරා ඇති අතර, ඔවුන් අදාළ ගුවන් සමාගම් හරහා දේශීය නිරෝධායන හා අවශ්‍ය අනෙකුත් සේවා සැපයුම් සමඟ කටයුතු කළ හැකි ආකාරයට මෙම සංඛ්‍යා නියාමනය කරනු ඇත.

පැමිණෙන සියලුම මගීන් මෙහි පැමිණෙන විට ක්‍රියාත්මකව පවතින සෞඛ්‍ය නීති රීති සහ මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදිය යුතුය. ”

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article