
වෙන්නප්පුව නගර සීමාව තුළ පිහිටා ඇති සීමිත බස්නැවතුම් පොළවල් අතර තිබූ බස්නැවතුම් පළක් අහේතුකව ඉවත්කරන ලද්දේ 2013 වසරේදීය. මෙම බස්නැවතුම්පළ පිහිටා තිබුනේ වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාවට ආසන්නයේ කොළඹ දෙසට ඇති ලංකා බැංකුව,ටෙලිකොම් හා තවත් ආයතන රාශියක් මධ්‍යයේයි. එම හෝල්ට් එක එම ස්ථානයෙන් ඉවත් කරන ලද්දේ හිටපු ප්‍රා.සභාපති සුසන්ත පෙරේරා විසින් වන අතර එම ස්ථානයේ බස්නැවතුම්පොලකි යන පුවරුවද කාලයක් පුරා සවිකර තිබුණි. මෙම ස්ථානයට මිගමුවට හා කොළඹ දෙසට යන බස්රථ නවත්වන අතර ආයතන වල සේවය කරන රාජ්‍ය හා පුද්ගලික අංශ වල මගීන්ට මෙම බස්නැවතුම්පළ අදටත් භාවිතා කරයි. නමුත් මෙම ස්තානයේ ජනතාව සිටගෙන සිටින්නේ අව්වේ ලෛමින් වැස්සට තෙමෙමිනි. මෙම බස්නැවතුම්පොළ ඉවත් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ප්‍රධාන හේතුව වූයේ එම ස්ථානයේ පිහිටා ඇති පීට්සා අවන්හලට තවත් පිවිසුම් මාර්ගයක් සකසා දීමයි. බස්නැවතුම්පොළ එම ස්ථානයේ නැතත් ජනතාව සුපුරුදු පරිදි එම ස්ථානය බස්නැවතුම්පළක් ලෙස භාවිතා කරයි. එහෙත් ඔවුන්ට වර්ෂා කාලයේදී නොතෙමී සිටින්නට ආවරණයක් නොමැත.










