Friday, April 26, 2024

මාධ්‍ය⁣වේදි⁣යාට පහරදී පැනයාමට ගිය වැලි හොරුන්ට ගම්වාසීන්ගෙන් පාඩමක්

Must read

42876536_10213032364228747_5922396839008534528_n(4.37pm)වීඩියෝ/ -ඊයේ (19)  වනදා මදුරන්කුලිය මුක්කු තොඩුවාව ප්‍රෙද්ශයේ සිදුකරන මහා පරිමාණ වැලි කැපීමකට එරෙහිව සිදුවූ විරෝධතාවයකදී   මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න මහතාට  මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මුක්කු තොඩුවාව ගම්වැසියන් පිරිසක්  මෙම වැලි කැපීමට විරුද්ධව විරෝධතාවයක් සූදානම් කොට තිබී ඇති අතර එම පෙළපාලිය ඉදිරියට එමින් තිබියදී වැලි කපන ස්ථානය දෙසට යමින් සිටි ටිපර් රථයකින් මාධ්‍යවේදී  ප්‍රසාද් පූර්නිමාල් මහතා ප්‍රශ්නයක් විමසන්නේ සිය  කැමරාවෙන් පටිගත කරන අතරතුරදීය. එසැනින්ම ටිපර් රථයේ ඉදිරිපෙළ සිටින පුද්ගලයා කැමරාවට පහරදෙන අතර ප්‍රසාද් පූර්ණිමාල් මහතාගේ හිසට ද පහරක් වැදී තිබේ.
මෙම සිදුවීම දකින විරෝධතාකරුවන් වහාම පැනයන්නට සුදානම් වල ටිපර් රථයේ රියදුරු සහ අනෙක් පුද්ගලයාව එලියට ගෙන පහරදීමක් සිදුකර තිබේ. පහර කෑ මාධ්‍යෙව්දී ප්‍රසාද් පූර්ණිමාල් මහතා සිදුවීම දිගටම වීඩියෝගත කර තිබේ.
මෙම ටිපර් රථය පුත්තලම ප්‍රාදේශීය සභාවට අයත් ටිපර් රථයක්  බවත් වැලි පටවා ගෙන යාමට මොවුන්  පැමිණ ඇත.මේ ටිපර් රථයේ ඒ අවස්ථාවේ සවල් හා උදලු තිබී ඇති අතර පසුව ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ සිමෙන්ති ගල් රැගෙන එම සදහා පැමිණ ඇති බවයි.
ප්‍රසාද් පුර්ණිමාල් මහතාට බරපතල තුවාල නැති අතර ඒ මහතා පැවසූවේ තමන්ට පහරදී පලායාමට තැත්කළ එම ස්ථානයට ගම්වැසියන් පැමිණ තමන් බේරාගත් බවයි.protest-madurankuliya

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article