Tuesday, May 7, 2024

යෙහෝවා සාක්ෂිකරුවන්ගේ වෙබ් අඩවිය දහස් වෙනි භාෂා ඉම පසුකරයි

Must read

502012131_univ_lss_lg
ඡායාරෑපය උපුටාගැනීම – https://www.jw.org

යෙහෝවා සාක්ෂිකරුවන්ගේ සංවිධානයේ  ආගමික සුබආරංචිය පැතිරවීමේ  සාර්ථකත්වය පිටුපස ඔවුන්ගේ පණිවිඩ විවිධ භාෂාවන්ට පරිවර්තනය සිදුකිරීම විශේෂිත කාර්යයකි. යෙහෝවා සාක්ෂිකරුවන්ගේ සංවිධානයේ වෙබ් අඩවිය  සිය භාෂා පරිවර්තනයේ විශේෂ සන්ධිස්ථානයක් පසුගියදා සනිටුහන් කරන ලදී.  JW.ORG වෙබ් අඩවිය පසුගියදා සිය භාෂා පරිවර්තනය දහස් වෙනි ( 1000 ) සීමාව පසුකරන  ලදී.  මේ වන විට යෙහෝවා සාක්ෂිකරුවන්ගේ වෙබ් අඩවිය ඔවුන්ගේ පරිවර්තන කාර්යය  භාෂා 1000 කින් සිදුකරන අතර එම භාෂාවන් හරහා  ලිපි, වීඩියෝ සහ ශ්‍රව්‍ය මාධ්‍යයන්  ප්‍රචාරනය කරනු ලබයි.

යෙහෝවා සාක්ෂිකරුවන්ගේ සංවිධානයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන සහෝදර ජෙෆ්රි ජැක්සන් තවදුරටත් මෙසේ පවසයි.

“අපගේ පරිවර්තන කටයුතු 1800 ගණන්වල අග භාගයේ සිට පැවත එන අතර මෑත වසරවල දී එය විශාල ලෙස ඉහළ ගොස් තිබේ.” “508 වන ස්ථානය කරා  ළඟා වීමට අපට වසර සියයකට වඩා වැඩි කාලයක් ගත විය. භාෂා 508 සිට 1,000 දක්වා වසර හතකට අඩු කාලයක් තුළ අපගේ පරිවර්තන කාර්යයන් දෙගුණයක් කර තිබීම කැපී පෙනේ. ”
උපුටනය – https://www.jw.org

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article