Friday, March 29, 2024

විස්ස ගෙනාවත් වයඹ සභාවේ කලබලයක් නැහැ !

Must read

pc_ele_act_nwp_1

පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ අදහස් ලබාගැනීම පිණිස වයඹ පළාත් සභාව වෙත ඉදිරිපත් කෙරුණු විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබද වැඩිදුර සාකච්ඡා කිරීමට පළාත් සභාවේ නීති උපදේශක කාරක සභාව යොමුකිරීමට තීරණයවීම හේතුවෙන් අදාල කෙටුම්පත පිළිබද ඡන්ද විමසීමකින් තොරව අද (29 දා ) පැවැති වයඹ පළාත් සභා රැස්වීම අවසන් විය.

සියලු පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්වීම සදහා වන විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද මන්ත‍්‍රීවරුන්ගේ අදහස් ලබාගැනීම වෙනුවෙන් විශේෂ වයඹ පළාත් සභා රැස්වීමක් වයඹ පළාත් සභා සංකීර්ණයේ පිහිටි සශ‍්‍රී ශාලාවේදී අද පැවැති අතර වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් අදාල කෙටුම්පත සහිත යෝජනාව සභා රැස්වීම වෙත ඉදිරිපත් කරනු ලැබීය.

ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහිත යෝජනාව සභා රැස්වීම වෙත ඉදිරිපත් කරමින් අදහස් දැක් වූ වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා, පළාත් සභා මැතිවරණය එකම දිනයකදී පැවැත්වීමට තමන් එකග නමුත් මෙම සංශෝධනයෙහි දක්වා ඇති කරුණු පැහැදිලි නැති බව පැවැසීය. එබැවින් අදාල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද ජනාධිපතිතුමා සමග කළ සාකච්ඡාවකින් පසුව ඊට සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවද හෙතෙම පැවැසීය. පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිනය නිශ්චිත වශයෙන් ප‍්‍රකාශයට පත්කළ යුතු බව, පළාත් සභා පිළිබද සුවිශේෂි බලතල පාර්ලිමේන්තුව සතු නොවිය යුතු බව සහ පළාත් සභා විසුරුවා හැරිමෙන් පසුව පළාත් සභා බලතල ආණ්ඩුකාරවරයා වෙත ලැබිය යුතු බව ඇතුලු සංශෝධන පහක් ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය. අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් ගණනාවක් විසින් ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධනයන් අනුමත කරමින් අදහස් දැක්වීම හේතුවෙන් වයඹ පළාත් සභා රැස්වීම පැය පහකට වැඩි කාලයක් තිස්සේ පැවැත්විණි.

විවාදය අතරතුරදී අදහස් දැක් වූ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී සුමිත් රාජපක්ෂ මහතා, අදාල කෙටුම්පත පිළිබද වැඩිදුර සාකච්ඡා කිරීම සදහා පළාත් සභාවේ නීති උපදේශක කාරක සභාව වෙත යොමුකළ යුතු බවට යෝජනා කළේය. ඉන් අනතුරුව විවාදයේ අවසන් කතාව සදහා නැගී සිටි වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා, විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුල් කරගනිමින් බොහෝ පළාත් සභාවල කලකෝලා ඇති වී සෙංකෝලය පවා කඩාදමන තත්වයක් උදා වී තිබියදී වයඹ පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් අදාල සංශෝධනය පිළිබද විනයානුකූලව සහ හැදියාවක් ඇතිව වැදගත් අයුරින් අදහස් දැක්වීම පිළිබදව තමන් සතුටුවන බව පැවැසීය. වයඹ ආණ්ඩුකාරවරිය විසින් අදාල කෙටුම්පත තමා වෙත යොමුකර ඇත්තේ ඒ පිළිබදව වයඹ පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන්ගේ අදහස් ලබාගැනීමට මිස ඡන්ද විමසීමකට නොවන බවද ප‍්‍රධාන අමාත්‍යවරයා එහිදී පැවැසීය. එබැවින් තමන් වෙත නියමකර නැති ඡන්ද විමසීමකට ගොස් මන්ත‍්‍රීවරුන් තරහා කර ගැනීම පසෙක තබා අදාල කෙටුම්පත පිළිබදව වැඩිදුර සාකච්ඡා කිරීමට හැකිවන සේ එය වයඹ පළාත් සභාවේ නීති උපදේශක කාරක සභාව වෙත යොමුකරන බව පැවැසීය. විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව වයඹ පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන්ගේ අදහස් දැක්වීම් සහිත හැන්සාඩ් වාර්තාව වයඹ ආණ්ඩුකාරවරිය හරහා පාර්ලිමේන්තුව වෙත යොමුකිරීමට ඉදිරි සතියේදී කටයුතු කරන බවද ධර්මසිරි දසනායක මහතා වැඩිදුරටත් පැවැසීය.

pc_ele_act_nwp_2

pc_ele_act_nwp_3

pc_ele_act_nwp_4 pc_ele_act_nwp_5 pc_ele_act_nwp_6

- Advertisement -spot_img

More articles

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article