spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

‘අතයට ගණුදෙනු වලට දැන් ඉඩක් නැ! අයකළ යුතු මුදල් සඳහා නීති හදන්න’ – ශ්‍යාම් පෙරේරා ප්‍රා.සභා මන්ත්‍රී

Must read

පසුගිය මාර් තු  10 වනදා  වෙන්නප්පුව ප්‍රා.සභාවේ මහා සභා රැස්විම පැවති අතර  වෙන්නප්පුව ප්‍රා.සභා බල ප්‍රෙද්ශයේ  ජනතාවගේ  සංවර්ධනයට අදාළව විශේෂ කරුනු රැසක් සම්බන්ධයෙන් සාකච්ජා , වාද විවාද පැවතිණි. එහිදි පසුගිය පාලන සමයේදි වෙන්නප්පුව වෙළඳ සංකීර්ණයේ පිහිටා ඇති කෝප් සිටි වෙළඳ සැල විසින් වසර කිහිපයක් පුරා කුලී මුදල් නොගෙවා සිටීම සම්බන්ධයෙන් මතුවී ඇති ප්‍රශ්නය සම්බන්ධයෙන් සභාවේදී සාකච්ඡාවට ගැනුන අතර එහිදී පසුගිය පාලන කලායන් තුළදී සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා පිළිබදව ප්‍රා.සභා මන්ත්‍රී ශ්‍යාම් පෙරේරා විසින් පුළුල් අදහසක් සභාගත කරන ලදි. පසුගිය රජයන් පැවති කාලවල විනෝද බද්ද නොගෙවා සිදුවී ඇති අතයට මුදල් ගනුදෙනු සිදුකිරීම් , අතිරික්ත සේවකයන් බදවාගැනීම් ප්‍රාෙද්ශිය සභාවට බදුමුදල් අහිමිවිම්, ජනතා විශ්වාසය පළුදු වීම යන කාරණා සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අවධාරණය කළ අතර ඒ හේතුවෙන් 20 % ප්‍රතිපූරක බද්දක් එකතුකිරිමට වර්තමාන රජය විසින් පියවර ගෙන ඇති බව ඒ මහතා පැහැදිලි කරන ලදි.
එදින මහා සභා වාරයේදී සාකච්ඡාවට ගැනුණ

දංකොටුව මහජන පුස්තකාලය ට විදුලි සෝපනයක් සවිකරනවාද ? අලුත් ස්ථානයකට ගෙන යනවාද?

 දංකොටුව නගර මධ්‍යෙය් ඇති ගොඩනැගිල්ලේ පිහිටා ඇති පුස්තකාලයට ගමන්කිරීමට පහසුකිරීම සදහා එම ගොඩනැගිල්ලට විදුලි සෝපානයක් සවි කිරීමේ යෝජනව එදින සාකච්ඡාවට බදුන් විය. මෙහිදී මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ නියෝජිතයන් අදහස් පළ කර සිටි අතර මෙම ගොඩනැගිල්ල තුළ පුස්තකාලයක් පිහිටා තිබීම සුදුසු නොවන බවත් නිස්කලංක පරිසරයක දංකොටුවේ වෙනත් ස්ථානයක පුස්තකාලයක් ඉදිකිරීම යෝජිත බවට බහුතරයකගේ අදහස් පළවිය.

ප්‍රා.සභා මන්ත්‍රී වොහාන් සන්දිප් (ජා.ජ.බ)
 පාඨකයන්ගෙන් තමයි දිගින් දිගටම ඉල්ලීම එන්නේ. ඒ ගැන සැලකුවේ නෑ කියන චෝදනවා තියෙන නිසා තමා මේක මහ සභාවට යොමුකළේ. දංකොටුව පුස්තකාලය තියෙන්නේ උඩම තට්ටුවේ. එතකොට පොත් කියවන්න එන අයත් ගොඩාක් ඉන්නේ වැඩිහිටි ප්‍රජාව. සෝපානය නිසා පුස්තකාලයට පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා වගේම ඒ ගොඩනැඟිල්ලට යන්නත් පහසුකමක් සැපයෙනවා. නමුත් පුස්තකාලයක් ඉලක්ක කරගෙන සෝපානයක් ඉදිකරනවාට වඩා ඇත්තටම යෝජනාවක් තියෙනවා නම් හොදයි මේ සභාවේ පුස්තකාලය වෙනත් තැනකට අරන් යන්න කියන එක. පුස්තකාලය වෙන තැනකට අරන් යාමේ හැකියාවක් තියෙනවා.අනාගතයේදී දංකොටුව නගර මධ්‍යෙය් තිබෙන පුස්තකාලයට තව ඉඩකඩ මදිවෙන තත්ත්වයක් තමයි ඇතිවෙන්න තියෙන්නේ.  පුස්තකාලයක් අපේ සභාව සතු ඉඩමක ඉදිකිරීම තමයි හොදම යෝජනාව වෙන්නේ. ඒ නිසා සභාවේ අවධානය යොමුවෙනවා නම් හොදයි දංකොටුව නගරයේ තිබෙන මෙම ගොඩනැඟිල්ලට සෝපානයක් හදන එකද නව පුස්තකාලයක් ඉදිකිරීම සදහා යොමු වෙනවාද කියන කාරණය ගැන.

ජේ.එම්.ජනක චමින්ද ජයසේකර (ජා.ජ.බ)

 1992 ඉදලා මේ පුස්තකාලයේ මම සාමාජිකත්වය දරනවා.නගර මධ්‍ය යේ වුනත් ඉස්සර ඔය පුස්තකාලය තිබුනේ නිස්කලංක තැනක. පරන අය දන්නවා ඒ ගැන.  ඇත්තටම දංකොටුවේ මාර්කට් එකට ගෙනිච්චට පස්සේ මම තුන්වතාවයි ගිහින් තියෙන්නේ., පත්තරයක් කියවගන්නවත්, පොතක් තෝරගන්න එකවත් නිදහස් මානසිකත්වයකින් කරන්න බැහැ,  ඒ තැන පිහිටලා තියෙන විදිහට. ඒ නිසා මමත් යෝජනා කරනවා දංකොටුව අවටම නිස්කලංක තැනකට පුස්තකාලය ගෙනියන්න පුලුවන් නම් හොදයි කියලා. මොකද වයසක අයට කොහොමවත් යන්න බැහැ. තරුණ කෙනෙකුට ගිහිල්ලාත් පොතක් කියව ගන්න බැහැ එතන.

ජසින්තා ඉන්ද්‍රානි  මහත්මිය. (ස.ජ.බ)

ඒ බිල්ඩින් එකේ කාලෙත් දැන් පරනයි.ඒ වගේම පුස්තකාලය තියෙන්නේ සියලු දෙනාටම ගැවසිය හැකි පරිසරයක නෙමෙයි. සියලු දෙනාට ගැවසිය හැකි පරිසරයක ඒක තියෙනවා නම් හොදයි. මම හිතන්නේ මාලු මාර්කට් එකත් එක්ක කියවීමකට යන්න තරම් මනස රිලැක්ස් කරගන්න අමාරුයි. ඒ වගේම දංකොටුව වෙළද සංකිර්ණයේ උඩ තට්ටුවේ තියෙන පුස්තකාලයට වැඩිපුරම යන්නේ වැඩිහිටි අය. ඒ නිසා පුස්තකාලය වෙන පරිසරයකට ගෙන යන එක හොඳයි.

සභාපති ඇන්ටන් කුමාර මහතා 
වෙන්නප්පුව බල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන හදලා තියෙන්නේ එක එක විදිහට.රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් උපදෙස් දෙනවා ඉඩම් නිරවුල් කරගන්න කියලා. ඒවායේ අයිතිය තියෙන විදිහට සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරන්න බැහැ. ගොඩාක් තැන්වල ගොඩනැඟිල්ල අයිති එක ආයතනයකට ,ඉඩම අයිති එක ආයතනයකට.  ඉඩම් නිරවුල් කිරීමේ කටයුතු දැනටත් සිදුවෙමින් යනවා. නමුත් ලොකු ප්‍රමාණයක් තිබෙන නිසා යම් කාලයක් ගතවෙනවා. ඉඩම් ගත්තත්,ප්‍රජා ශාලා ගත්තත්.අනිත් හැම භූමියකම සියයට පනහක ප්‍රශ්න තියෙනවා.

දංකොටුව වෙළද සංකීරණයේ පිහිටා තිබෙන පුස්තකාලය  අලූත් ස්ථානයක පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරියේදී ශක්‍යතා අධ්‍යනයක් සිදුකිරීමය යෝජනා විය.

කොලමුල්ල -අලුත්තොට  ප්‍රා.සභාවට පවරාදිම

කොලමුල්ල අලුත්තොට ග්‍රාම සංවර්ධන සමිතියට අංක 481/ඒ්් – අලුත්තොට – වයික්කාල)  අයත්අක්කර ඒකඒකහමාරක පමණ ඉඩම මේ වනවිට පස් පුරවා ඇත.මෙම ක්‍රීඩ පිටියේ ඉදිරි වැඩකටයුතු කරගැනිමට නොමැති බැවින් ඒ් පිළිබද සලකා බලා ඔබ සභාව මගින් ඉදිරි වැඩ සලසා දෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටින අතර අප ක්‍රිඩාපිටය වෙන්නප්පුව ප්‍රා.සභාවට පවරාදීමට ග්‍රාම සංවර්ධන සමිතියේ සැමදෙනාගේ කැමැත්ත පලපළ කර සිටිමු.

මේ ක්‍රීඩාපිටිය ප්‍රා.සභාවට පවරා ගැනිමට සභාවේ  ඒකගතාවය පළවිය.

වෙන්නප්පුව නගරයේ සති  පොලේ බදුකරුවන්ගේ හිඟ මුදල්

ප්‍රා. සභා මන්ත්‍රී සුසන්ත පෙරේරා මහතා  (පො.ජ.පෙ)
 ප්‍රශ්නය – පොලේ බදුකරුවන් අධිකරණයේදී පොරොන්දු වූ මුදල ගෙවා තිබෙනවාද?


සභාපති – ඇන්ටන් කුමාර මහතා  –  පොලේ බදුකරුවන් අපිට ගෙවීමට තිබෙන මුදල ගෙවීමට ඔවුන් පොරොන්දු වුනා . ඒ්ක අධිකරණ තීරණයක් නෙමෙයි . ඒ් ගොල්ලෝ පොරොන්දු වෙලා තිබෙන මුදල ගෙවන්න ඔ්නා. බදු කාලය ඉවර වුන නිසා පොළ අපි ප්‍රා. සභාවට අරන් තියෙනවා.  අපිට ගෙවීමට පොරොන්දු  හිඟ මුදල ඔවුන් ගෙවිය යුතුයි. නැත්නම් කොහොමත් අපි  අධිකරණයට යනවා.
ප්‍රා.සභා මන්ත්‍රී බ්‍රයන් පෙරේරා   – සභාවට පවර ගන්න පෙර අයකරපු මුදලට වඩා වැඩි මුදලක් අයකරගන්න බවත් පේනවා.
සභාපති – ඇන්ටන් කුමාර මහතා  – ඒහෙම කිසිම වැඩිපුර මුදලක් අයකරන්නෑ. මීට පෙර මුදල් නොගෙවා හිටපු අයට දැන් මුදල් ගෙවන් වෙලා තියෙනවා. ඒකයි ප්‍රශ්නය

උදාසිරිගම ජනපදයේ පොළේ  වැසිකිලි පද්ධතියට තවමත් වතුර නැහැ

දීපා  පෙරේරා ( පො.ජ.පෙ.)

ගිය සතියේ සිරිගම්පල ජනපදයේ පොළ දවසේ වතුර ටැංකියේ වතුර නැහැ. පොළට එන වෙළෙන්දෝ වැසිකිලියට යන්නේ ඉදිරිපස තියෙන නිවසකටයි. ඒ ගෙදර විසිකිලි පවිත්‍ර කරලා දෙන්න කියලා කියනවා. ඒ වගේම සභාපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා -අපි දැන් ඒ වැසිකිලි පද්ධතිය හදලානේ තියෙන්නේ. එතන ජල පහසුකම් හැදුවා නම් වැසිකිලි නැවත පාවිච්චියට ගන්න පුුලුවන්. ඒ වගේම පොළ දවසට වතුර අත්‍යඅවශයයි. මස් කඩේ හෝදන්න වතුර නැතුව ගියාම හරි අපහසුතාවයට පත්වෙනවා. ගිය සතියේ වතුර තිබුනේ නැහැ. ඒ නිසා ඒ ගැන සොයලා විසදුමක් ලබාදෙන්න.
සභාපති – වැසිකිලි පද්ධතිය හදලා කොපමණ කල්ද ?

ප්‍රා.සභා මන්ත්‍රිනී දීපා  පෙරේරා -වසර 07 ක් වෙනවා


සභාපති – ඇන්ටන් කුමාර මහතා
අපිට අයිති පොළවල් වලින් හරි ආවරනයක් තියෙන්නේ වෙන්නප්පුව පොළ , ලිහිරියාගම පොළ ඇරුනාම – අනිත් ඒවල ගේට්ටු නෑ. ඒවා ගැනත් අපිට ඉස්සරහට බලන්න වෙයි. ආරක්ෂාව ගැන බලන්න වෙයි. බලබ් ටික ගලවන් යනවා. ගේට්ටු ගලවන් යනවා. ඒ වගේ ප්‍රාෙයා්ගික ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒවා කොහොමද කළමනාකරණය කරගන්නේ කියලා කතාකරමින් තමයි ඉන්නේ.

වෙන්නප්පුව පොළ භූමියේ තිබෙන කෝප් සිටි වෙළඳ සැල සඳහා පවතින හිඟ මුදල

සභාපති ඇන්ටන් කුමාර මහතා –
2020 කෝප් සිටි එකේ තීරණයක් අරන් තියෙනව අපිට මේ මුදල් ගෙවන්න.  ඒ මහ සභා තීරණය අපි ලඟ තියෙනවා. ඒ අනුව හිඟ මුදලකුත් තිබෙනවා.

ලේකම් – ඩැනී ලූෂන් මහතා

දිගටම කෝප් සිටි එක පැවතිලා තියෙන්නේ ගිවිසුම් ගත වෙන්නේ නැතිව,සහ මුදලක් ගෙවන්නේ නැතුව.
මේ කාරණය ගැන දිගටම ලියුම් ගනුදෙනු කලාට පස්සේ  මේක නිරාකරනය කරගැනිම පිනිස පළාත් පාලන කොමසාරිස්ගේ සහභාගීත්වයෙන් පසුගිය දිනක සාකච්ඡාවක් පැවැත්වූනා. එතනදි ඒ ගොල්ලන්ගේ ඉල්ලීම වුණේ දැනට තිබෙන තක්සේරුව යටතේ ගිවිසුම්ගත වෙන්න කැමතියි පරන එකතු වෙලා තිබෙන මුදල ගෙවන්න කැමති නෑ කියන එක. සභාපතිතුමා කිව්ව පරිදි 2020දී සමූපාකාරය තීරනයක් අරන් තියෙනවා හිඟ මුදල ගෙවලා ඉදිරියට එන්න.ඒ අධ්‍යක්ෂක මන්ඩලයේ තිරණය අනුව එහෙම එකඟතාවයක් තියෙනවා. ඔවුන් මෙවර කිව්වේ සම්පුර්න හිග මුදල ඉවත් කරලා ඉදිරයට යන්න ඕනා කියලා. 2000 ඉදලා හිඟ මුදල ලක්ෂ 13ක් තිබුණා. ඒ ගොල්ලෝ දැන් ගිවිසුම් ගත වෙන්න කැමතියි.

සභාපති -ඇන්ටන් කුමාර මහතා –
 සමූපාකාරයේ හිටපු සභාපති කිව්වා ඉස්සර හිටපු සභාපතිවරු පත්වුනාම ඇවිල්ලා කතාකරලා අපිත් එක්ක සුහදව වැඩේ කරගෙන ගියා කියලා.  දැන් ඉන්න සභාපතිතුමා අපිට එහෙම කලේ නැ ඒකයි මේ ප්‍රශ්නේ කිව්වා.

ප්‍රා.සභා මන්ත්‍රී සුසන්ත පෙරේරා
ඒ වෙලාවේ වැන්ඩලන් මන්ත්‍රීතුමා අපේ මිල්රෝයි ඇමතිතුමත් එක්ක එකඟතාවයකට ඇවිල්ලා  අපිට සිරිගම්පොල පොළ ලබාදුන්නා, මෙතන ඉඩම් කොටස දෙන පොරොන්දුව පිට. මම 2011 සභාවේ බලය ගද්දිත් ඔය කතාකරගෙන තිබුණ  විදිහ. 2020 දි  ගිවිසුම් ගත වෙන්න කියලා අපි සාකච්ඡාවකට ගිහිල්ලා තියෙනවා.

 
සභාපති -ඇන්ටන් කුමාර මහතා –

 මෙතන සභාවේ තත්ත්වය තේරුම් ගන්නකෝ. දැන් ටිකකට ඉස්සර වෙලා මන්ත්‍රීවරයෙක් නැගිටලා අපේ ලියුමක තාක්ෂනික නිලධාරියෙක්ගේ දිනය නැ කියලා තමයි මෙතන ප්‍රශ්න කලේ. ඔබතුමා බලන්න අපිට අයිති පොදු දේපලක් පවරා ගැනිමක් වෙද්දි 2000 ඉදන් මෙ වෙනකනුත්  සභා වාර ගණනාවක් ගිහිල්ලා මේක මේවනතුරුත් ගිවිසුම්ගත නොකරගත්තා කියන්නෙම ඒක කොච්චර ද බරපතලද කියලා. අපිට ඔය කියන කතා වැඩක් නෑ.මේකට ලියවිලි තියෙන්නේ ඕනා. ෆයිල් එකක් තියෙන්න ඕනා. අලාබෙ අය කරන්න ඕනා. ඒව අවශ්‍ය කටයුතුත් අපි කතාකරගන්න ඕනා. අපේ තීරණය අනුව මේ ගොල්ලෝ මේක ගෙව්වේ නැත්නම් අපි ඊළගට නිති මාර්ගයට යා යුතුයි. අපි අවසාන දැනුම් දිම් කලා.

වෙන්නප්පුවේ පොළ භුමියේ මැද හොදම වටිනාකම තියෙන භුමිය. ඒ වෙළඳ සැලේ වෙළඳ වටිනාකම කීයද කියලා බලන්න? අඩුම ගානේ එක මාසෙක කුලිය ? රු 45000කට 50000කට ආසන්න කුලියක්නේ.මිට කලින් ඒ කියන්නේ 2000 දී 20 000කට ආවත් දැන් ඕක ගණන් බැලුවොත්  ප්‍රා.සභාවට මිලියන කියක් පාඩුකරලද?

ප්‍රා.සභා මන්ත්‍රී  සුසන්ත  ශ්‍රිනාත් මහතා (ස.ජ.බ)
 උදාහරණයක් ලෙස , මෙතනදි වෙලා තියෙන්නේ මගේ කඩේ තවත් දේකට හුවමාරු කරගන්න එක. ඒගොල්ලෝ අපිට පොළ දුන්නා,අපි ඒ ගොල්ලන්ට කඩේ දුනනා. දැන් නැවත අපි කඩේ සල්ලි ඉල්ලනවා ඒ ගොල්ලන්ගෙන්. එහමයි මෙතන මේ ගනුදෙනු තියෙන්නේ.නිත්‍යානුකූලව වෙලා නෑ. මිලරෝයි ඇමතිතුමා ඉද්දි ඒක හුවමාරු කරගත්තා. අපි වක්‍රාකාරයෙන් ලාභයක් උපය ගත්තා පොළ හරහා. පොළ අපිට දුන්නා , අපි සමූපාකාරය කරගෙන යන්න ඉඩ දුන්නා. නැවත අපි සමුපාකාරය නිත්‍යනුකූලව අයිතිකරගන්න බලනවා. එදා ප්‍රාෙද්ශීය සභා කමිටු වලදි අපි තීරණය කරලා තියෙනවා ඕක නොදි ඉන්ඩ. නැවත ඒක අත්පත්කරන්න තමා මේ  උත්සාහා කරන්නේ. එදා හිටපු සභාවත් ඒ වෙළඳසැලේ සල්ලි ඉල්ලා ලියුම් ගහලා තියෙනවා.තීන්දුවත් අරන් තියෙනවා.

ප්‍රා.සභා මන්ත්‍රී ශ්‍යාම් පෙරේරා මහතා (ජා.ජ.බ)

දැන් මේ සංවාදය ගොඩක් වෙලා මම අහගෙන හිටියා. දැන් ඔය සමුපාකාරයේ කඩකුලි නොගන්න එකට අදාළව වෙලා තියෙන කතාටික ඇහුවාම ගෙදරට ගිහිල්ලා පනස්දාහක් දීලා වැඩේ ෂේප් කරගන්න ගිවිසුම් ගහලා තියෙනවා කියලත් හිතන්න පුලුවන්. එතකොට ඔය හුවමාරුකරගැනිම් ඔය විදිහට ගහලා පෙන්නන්නේ අර වගෙ අතයට මුදල් ගනුදෙනුත් එක්ක.
ඒවා තමා දැන් අහෝසි වෙලා තියෙන්නේ. මම එක කාරණවක් කියන්නම්.
 2021 විගණන වාර්තාවක් අනුව ප්‍රා.සභාවේ අතිරික්ත සේවකයෝ ඉන්නවා 66ක්.
එතකොට 20 % ප්‍රතිපූර්නය ගැන ඕනතරම් මෙතන කතාවෙනවා. සභාවට මුදල් අහිමි වෙද්දි හරියට කිඹූල් කදුළු හෙලනවා. එතකොට 66ක අතිරික්ත සේවකයෝ විඝනන වාර්තාවකින් ඉදිරිපත් කරද්දි , මම ලේකම තුමාගෙනුත්,හිටපු සභාපතිතුමාගෙනුත් අහනවා කෝ ඒවට උත්තර ? ඇයි ගත්තේ ? කවුද ඒ මුදල් ගෙවන්නේ ? ඇයි අතිරික්ත සේවකයෝ බඳවා ගත්තේ ? එතකොට ඒ විඝනන වාර්තා වලින් ගත්ත තීන්දුව මොකක්ද ?
මටත් පුලුවන් ප්‍රශ්න 60 /70ක් මහ සභාවට දාලා ඉවර වෙලා අහන්න පුලුවන්. කෝ එවට දෙන උත්තර කියලා ?
20% ක ප්‍රතිපූර්ණය රජයෙන එන්නේ ඔන්න ඔය කාරනාවත් එක්ක. මොකද මෙතෙක් කල් මේ පළාත් පාලන ආයතන වලින් වෙච්ච අක්‍රමිකතා ගැන හොඳ අධ්‍යනකයකින් පස්සේ තමා සභාවට වගකිමක් දෙන්නේ තමුන්ගේ වැටුප් තමුන් ප්‍රතිපූර්නය කරගන්න කියලා. ඇය අර සෙල්ලම් කරපු ඒවල විඝනන වාර්තා දැන් තියෙනවා.
එතකොට විනෝද බද්ද අය වෙලා නෑ හරියට. විනෝද බද්දෙන් ආදායමක් හරියට ලබලා නෑ. ඇයි ගෙදරට ගිහිල්ල පඩුරු පාක්කුඩම් දිලා රු 50 000ට වැඩේ කෙරිලා තියෙන්නේ. ඉතින් බ්‍රයන් මන්ත්‍රීතුමා යෝජනා කරනවා නම් මේක එහෙම ෂේප් වෙන්න දෙමු කියලා එතුමාගේ අර විප්ලවීය ගතිය ගැන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි කොහොමද කියන්නේ ,මේක රජයේ  ඉඩමක් ඔයා එක තියාගන්න ,මම මේක තියාගන්නම් කියලා.
ඕවා විහිලු කතා. ඒ නිසා කරුණාකරලා ඒ අයකළයුතු මුදල් අයකිරීම සදහා අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article