spot_img
Saturday, March 7, 2026
spot_img

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීම වලක්වන තහනම් නියෝගයක්

Must read

mayer-kurunegala
(12.57pm)කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව  ඇතුළු සිව්දෙනෙකු  අත්අඩංගුවට ගැනීම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම විභාග වන තෙක් එය බලපැවැත්වේ.

අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ විනිසුරු (ජනාධිපති) ඒ.එච්.එම්.ඩී. නවාස් සහ විනිසුරු සුභිතා රාජකරුණා යන මහත්වරුන් විසිනි.

කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇති වරෙන්තුව අත්හිටුවන ලෙස කුරුණෑගල නගරාධිපති තුෂාරා සංජීවා ඇතුළු පෙත්සම්කරුවන් පස් දෙනෙකු අභියාචනාධිකරණයට රිට් පෙත්සම් ගොනු කර තිබුණි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article