Sunday, May 19, 2024

අත-මිට සරු කරන වැව් කූනිස්සන්

Must read

1598422073396_1598422069384_01වාර්ෂික ජලාශ වල ස්වාභාවිකව බිහි වන “වැව් කූණිස්සන්″ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ධීවරයින්ගේ මේ දිනවල අත – මිට සරු කරන හොද ආදායම් මාර්ගයක් බවට පත්ව ඇත.
වරකට මාස 02 – 03 ක පමණ කාලයක් පමණක් වැව් කූණිස්සන් අස්වැන්න නෙලා ගැනීමට හැකි බව එම ධීවරයින් සදහන් කරයි.වැසි කාලයේදී පිරී ඉතිරී යන වැව් වල ජලය නියගය සමයේදී අඩු වන විට වැව් කූණිස්සන් අස්වැන්න ලබා ගත හැකි බවද ඔවුන් සදහන් කරයි.
වාර්ෂික ජලාශ වල ස්වාභාවිකව ඇති වන පාසි විශේෂයක් අතර මෙම වැව් කූණිස්සන් ජීවත් වේ.වැව් කූණිස්සන් ඇල්ලීම සදහා විශේෂිත වූ අතංගුවක් එම ධීවරයින් විසින් නිර්මාණය කර ගෙන ඇත.වැව් වල ජීවත් වන වෙනත් කුඩා මසුන් ගෙන් තෝරා බේරා ගෙන වැව් කූණිස්සන් පමණක් අල්ලා ගැනීමට ඔවුන් ප්‍රවේශම් වෙති.09
එසේ අල්ලා ගන්නා වැව් කූණිස්සන් පසුව වියලීම සිදු කරණු ලබන්නේ කාන්තා පාර්ෂවය විසිනි.නිවෙස් වලට වී සිටින කාන්තාවන්ට මේ නිසා හොද ආයාදයමක් ලබා ගැනීමට හැකිවී ඇත.වියලන ලද වැව් කූණිස්සන් කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 1500 කට වැඩි මුදලකට අලවි වන බවද ඔවුන් සදහන් කරති.

වැව් කූණිස්සන් කුමන ආකාරයට වැව තුළ බිහි වනවාද යන්න තමන් නොදන්නා බවත් ඔවුන් සදහන් කරති.කෘතිම රස කාරක වෙනුවට ආහාර රස ගැන්වීම සදහා වැව් කූණිස්සන් යොදා ගත හැකි බවද එම ධීවරයින් පෙන්වා දෙයි.
මේ වන විට වාර්ෂික ජලාශ වල පමණක් දක්නට ඇති වැව් කූණිස්සන් සෙසු වැව් වලටද පැතිර යාම සිදු කළ හොත් එම ප්‍රදේශ වල ධීවරයින්ට හොද ආදායමක් ලබා ගත හැකි බවද මෙම ධීවරයින් සදහන් කරයි.එමෙන්ම වැව් කූණිස්සන් යොදා ගැනීමෙන් කෘතිම රස කාරක භාවිතයෙන් ඉවත් විය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.1598422076697_1598422062327_04 08

 

ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article