පරිසරයට හා සංස්කෘතියට හානි නොවන පරිදි, දේශීය ප්‍රජාව සවිබල ගන්වන පරිසර හිතකාමී සංචාරක පැතිකඩක් ප්‍රවර්ධනය කර සංචාරක ආදායම ගමේ කුඩා ව්‍යවසායකයා දක්වා සාධාරණව ගලායාමට සැලැස්වීම රජයේ ප්‍රධාන අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසී ය. ලෝක සංචාරක දිනයේ බස්නාහිර පළාත් සැමරුම හා එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කරන ලදී.
2026 ලෝක සංචාරක දිනයට සමගාමීව, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය එකමුතුව සංවිධානය කරනු ලැබූ “තිරසර සංස්කෘතිකානුබද්ධ සංචාරක ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය උදෙසා වන ජාතික සම්මන්ත්‍රණය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 27 වැනි දා බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
” සංචාරක ක්ෂේත්‍රය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඩිජිටල් න්‍යාය පත්‍රය සහ කෘත්‍රිම බුද්ධිය යොදාගැනීම ” ( Digital Agenda and Artificial Intelligence to Redesign Tourism ) යන තේමාව මුල්කරගත් ලෝක සංචාරක දිනයට සමඟාමීව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය මඟින් සංවිධානය කරන ලද ඩිජිටල් තරඟාවලියේ පාසල් සංචරණ සහ සංචාරක කවයන්හි ජයග්‍රහණ ලැබූ දරුවන් වෙනුවෙන් ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී සිදු කරන ලදී. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ‘අලවල’ ප්‍රජා මූලික තිරසාර සංචාරක ගම්මානය වෙනුවෙන් බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය එක්ව නිර්මාණය කරන ලද නව තාක්ෂණික සුහුරු වැඩසටහන ( Smart Tourism Platform ) ද අග්‍රාමාත්‍යවරියගේ සහභාගීත්වයෙන් මෙම සම්මන්ත්‍රණයේ දි විවෘත විය.
මෙහිදී උත්සව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍යවරිය,
ශ්‍රී ලංකාව කියන්නේ සියවස් ගණනාවක මානව නිර්මාණශීලීත්වය, ප්‍රඥාව, පාරම්පරික දැනුම සහ සංස්කෘතික විවිධත්වයෙන් පෝෂණය වුණු අද්විතීය උරුමයකට හිමිකම් කියන රටක්. මේ ඓතිහාසික උරුමය සුරක්ෂිත කරමින්, එය රටේ සාමාජීය හා ආර්ථික සංවර්ධනයට සක්‍රීයව දායක කරගැනීම අප සැමගේ උරමත පැටවුණු අනිවාර්ය ජාතික වගකීමක් බව අප මතක තබාගත යුතුයි.
අපගේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණ වන්නේ රටේ සියලු ක්ෂේත්‍ර නූතන තාක්ෂණයෙන් සහ සැබෑ ප්‍රතිසංස්කරණවලින් සන්නද්ධ කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීමයි. 2024 වසරේ සිට මේ දක්වා අප සංචාරක ක්ෂේත්‍රයේ විශාල පිම්මක් ඉදිරියට තබා තිබෙනවා. 2024 වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් ලක්ෂ 20කට අධික ප්‍රමාණයක්, ඒ කියන්නේ මිලියන 2.05ක් පැමිණි අතර, එයින් ඇමරිකානු ඩොලර් බිලියන 3.17ක ආදායමක් රටට ලැබුණා. එම සාර්ථකත්වය තවත් ඉදිරියට ගෙන යමින් 2025 වසරේදී සංචාරකයන් විසිතුන් ලක්ෂ හැටදෙදහස් පස්සිය විසිඑකක් (2,362,521) අපේ රටට පැමිණියා, ඒ හරහා ඩොලර් බිලියන 3.22ක විදේශ විනිමයක් උපයාගැනීමට අපට හැකිවුණා. “
යනුවෙන් පැවසීය.
2030 වසර වන විට වාර්ෂිකව සංචාරකයින් මිලියන 4ක් මෙරටට ගෙන්වා ඇමරිකානු ඩොලර් බිලියන 8ක සංචාරක ආදායමක් උපයා ගැනීම රජයේ ඉලක්කය බව අග්‍රාමාත්‍යවරිය පවසන ලදී.
එම ඉලක්කය සපුරා ගැනීම සඳහා විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන සතු දැනුම ප්‍රායෝගික සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා සෘජුවම යොදාගත යුතු බවත්, රාජ්‍ය හා පෞද්ගලික අංශය, විශ්වවිද්‍යාල සහ උරුම සංරක්ෂණ ක්ෂේත්‍රයේ පාර්ශ්ව එක්ව නවෝත්පාදනයන් ප්‍රායෝගික විසඳුම් බවට පත් කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේය.
එමෙන්ම තරුණ පරපුර සහ පාසල් දූ දරුවන් ඩිජිටල් තාක්ෂණය, නිර්මාණශීලීත්වය සහ දේශීය සංස්කෘතික උරුමයන් පිළිබඳ දැනුමෙන් සන්නද්ධ කිරීම අනාගත තිරසාර සංචාරක කර්මාන්තයේ පදනම බවට පත් කළ යුතු බව පැවසූ අග්‍රාමාත්‍යවරිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ද සංචාරක ක්ෂේත්‍රය වෙත වැඩි අවධානයක් යොමු කරන බව පවසමින් සංචාරක ක්ෂේත්‍රය අනාගතයට වැදගත් වෘත්තීය ක්ෂේත්‍රයක් ලෙස දකින ලෙස පාසල් දරුවන්ට ආරාධනා කළා ය.
එමෙන්ම, පරිසරයට හා සංස්කෘතික උරුමයන්ට හානියක් නොවන පරිදි දේශීය ප්‍රජාව සවිබල ගන්වන පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් ගොඩනැගීම රජයේ ප්‍රධාන අපේක්ෂාවක් බවත්, එමඟින් සංචාරක ආදායමේ ප්‍රතිලාභ ගමේ කුඩා ව්‍යවසායකයා දක්වා සාධාරණව ගලා යාමට සැලැස්විය යුතු බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා ය.
මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් සංචාරක අනු කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ඳ්‍ර, කළුතර දිස්ත්‍රික් සංචාරක අනුකමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි, බස්නාහිර පළාත්, පළාත් පාලන සහ සංචාරක කටයුතු අමාත්‍යංශ ලේකම් ඒ.එස්.ඩී සදීකා යන මහත්ම මහත්මීන් සහ බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති ආචාර්ය මහේෂ් ප්‍රියදර්ශන ඇතුළු සංචාරක මණ්ඩලයේ සාමාජිකයන්, සංචාරක හා පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ විද්වතුන්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතවරුන්, පර්යේෂකයන්, පාසල් දරුදැරියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
- Previous article: සංඥා භාෂා පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අපේක්ෂා කරනවා – මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වාPrev
- Next article: දවසේ කාලගුණයNext

නවතම පුවත්
සංඥා භාෂා පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අපේක්ෂා කරනවා – මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා
Sep 28, 2026
සංචාරක ආදායම කුඩා ව්‍යවසායකයා දක්වා ගලා යන පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් ගොඩනැගීම අරමුණයි – අගමැතිනිය
Sep 28, 2026
දවසේ කාලගුණය
Sep 28, 2026
ජනාධිපති අරමුදලේ සේවා විමධ්‍යගත කිරීමේදී විශිෂ්ට සේවා කාර්ය සාධනයක් පෙන්නුම් කළ උතුරු පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමට
Sep 27, 2026
උතුරු වෙරළේ නාවික හමුදා මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ අයිස් සහ හෙරොයින් බවට හඳුනාගැනේ
Sep 27, 2026
සංචාරක සංවර්ධන දර්ශකයේ වැඩිම දියුණුවක් ලැබූ රටවල් 10 අතරට ශ්‍රී ලංකාව
Sep 27, 2026
Sep 27, 2026







