වයඹ කලාපයේ ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි කාවන්තිස්ස නමින් හදුන්වනු ලබන ඇතාගේ ඉදිරි දකුණු පාදයේ තුවාලය සදහා මුලික ප්‍රතිකාර කටයුතු පසුගිය 24 වනාදා නිකවැරටිය පශුවෛද්‍ය ඒකකයේ පශුවෛද්‍ය අදාසූරිය මහත්මිය ගේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලදී. මෙම ඇතාට ප්‍රතිකාර ආරම්භ කරන විට දැඩි වර්ෂාවක් ඇදහැළෙමින් තිබී ඇති අතර ඒ මහ වැසි මැද සියඹලංගමුව වැව ආසන්නයේ පිහිටි වන ලැහැබ තුලදි වනජීවී නිලධාරීන් විසින් දැඩි වෙහෙසක් දරා ප්‍රතිකාර කටයුතු සිදුකරන ලදී.








