Sunday, May 5, 2024

බලහත්කාරයෙන් අපයෝජනයට ලක්වූ බවට දැරිවියකගෙන් මාදම්පේ පොලිසියට පැමිණිල්ලක්

Must read

child abuseingවයස අවුරුදු 15 ක් වන බාලවස්කාර පාසල් සිසුවියකට කෘරත්වයෙන් සැළකීම සහ ඇයව ලිංගික අතවරයන්ට ලක්කිරීමට කිරීමට අනුබල දීමේ චෝදනාව මත එම දැරිවියගේ මව හා මිත්තණියවද,දැරිවියට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඇයගේ මාමා කෙනෙකුවද මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 24 වැනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අපහරණයට ලක්ව ඇති දැරිවිය විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මනක්කුලම – කොහොඹවත්ත පදිංචි අතවරයට පත්ව ඇති දැරිවියේ 58 හැවිරිදි මිත්තණිය,35 වියැති මව සහ 42 වැනි වියේ පසුවන මාමා කෙනෙකුවය.

අතවරයට පත්ව ඇති දැරිවියගේ මව සහ පියා ඔවුන් හැර ගොස් ඇත.පියා සහ මව වෙනත් විවාහයන් කරගෙන වෙනමම ජීවත් වන බව පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.දැරිවිය සහ අයගේ බාල සහෝදරයින් දෙදෙනෙකු හැදී වැඩී ඇත්තේ මිත්තණිය බාරයේය.

දැරිවියගේ මාමා බව කියන සැකකරු ඇයට නිරන්තර ලිංගික අතවර සිදු කර ඇත.දැරිවිය විසින් මේ බව තම මිත්තණියට සහ මවට දැණුම් දී ඇතත් ඔවුන් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැත.පසුව දැරිවිය මේ බව මාදම්පේ පොලිස් ස්ථානාධිපතිවරයාව පුද්ගලික හමුවී තමන් මුහුණ දී ඇති තත්ත්වය පවසා ඇත.

ඒ අනුව මාදම්පේ පොලීසියේ ළමා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා සදමාලි මහත්මිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඇත.සැකකාරියන් සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් අනතුරුවය.

අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇත.

මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


ජූඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article