spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

නිති විරෝධී සිගරට් සහ බීඩි මුහුදට අතහැර පලායෑමේ උත්සාහය හලාවත වෙරළාක්ෂක නිලධාරීන් විසින් වලකයි

Must read

ඊයේ (21) උදේ 8.35 ට පමණ හලාවත වෙරළාරක්ෂක නිලධාරීන් විසින් මුහුදේදී සිදුකළ වැටලීමකදී නීති විරෝධී ලෙස ලංකාවට  ගෙනඑමින් සිටි බීඩි කොල සහ සිගරට් ඇතුලු තවත් ද්‍රව්‍ය සහිත ඩිංගි යාත්‍රා අත්අඩංගුවට ගැනීමක් සිදුකර තිබේ.  මෙහිදි වෙරළාරක්ෂක නිලධාරීන්  ඩිංගි යාත්‍රා කිහිපයක් පසුපස හඹාගොස් ඇති අතර එම අවස්ථාවේදී එම පුද්ගලයන් නීතිවිරෝධී ද්‍රව්‍ය මුහුදට විසිකර පලායෑමට උත්සාහා කළ අවස්ථාවේදී  එක් ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. මෙම ඩිංගි යාත්‍රාව හලාවත ඉදිරිමුහුදු තීරයේදී අත්අඩංගවට ගැනීමට හැකිව තිබේ.

පසුව සිදුකර ඇති විමර්ශණ කටයුතු වලදී මුහුදේ පාවෙමින් තිබූ  බීඩිකොල උර 25ක් නීති විරෝධී සිගරට් බහාලුම් උර 07ක් (සිගරට් 140000), කෘමිනාෂක පෙට්ටි 01ක් තොඩුවාව ඉදිරි මුහුදු තීරයේදී වෙරළාක්ෂක නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

නීති විරෝධී ආකාරයට ඉන්දියාවේ  සිට මුහුදු මාර්ගයෙන් ගෙන ආ  මෙම ඩිංගි යාත්‍රාව සහ  බීඩි කොල උර 3ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගවට ගෙන ඇත.  මෙම අත්අඩංගුවට ගැනීම් ඊයේ උදේ සිට සවස 4 දක්වා සිදුකළ මෙහෙයුම් වලදී සිදුකර ඇති අතර මෙම ඩිංගි යාත්‍රාව වන වාසල ප්‍රෙද්ශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැඩිදුර පරීක්ෂණ සදහා කාක්කපල්ලිය සුරාබදු දෙපාර්තමේන්තුවට බාරදී ඇත.

හලාවත – වෙන්නප්පුව – මාරවිල මුහුදු සීමාවේදී  සිදුවන නීති විරෝධී  ක්‍රියාවන් මැඩලීමට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් දිවා ,රාත්‍රී විශේෂ මෙහෙයුම් වල නිරතවනු ලැබීම අගය කොට සැලකිය යුත්තකි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article