වසර 50කටත් වැඩි කාලයක් ලේකහවුස් ආයතනයේ මාධ්‍යවේදියෙකු ලෙසත් පුත්තලම් දිස්ත්‍රික්කය තුළ සුවිශේෂී මාධ්‍ය මෙහෙවරක නිරත වූ ක්‍රිස්පිල් බෙනඩික් ප්‍රනාන්දු මහතා අද සිය ජීවන ගමනේ 84 වන වියට පා තබන ලදී. දැනට වසර කිහිපයකට ඉහතදී කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලැබු මාධ්‍යෙව්දී ක්‍රිස්පිල් බෙනඩික් ප්‍රනාන්දු මහතා උපත ලද්දේ
1942 අප්‍රේල් 29 වනදා වැලිවේරිය ග්‍රාමයේදීයි. වැලිවේරිය සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඔහු මට්ටක්කුලිය සාන්ත මරියා විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලබා ඇත.

ඔහු සිය මාධ්‍ය ජිවිතය ආරම්භ කරන ලද්දේ දවස පුවත්පතිනි. ඒ 1964 වර්ෂයේදීය. පසුව එවකට පැවති පාලක පක්ෂය විසින් දවස පුවත්පත් ආයතනයට සිල් තබා වසා දැමු පසු ඔහු ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වී වසර 50ටත් වැඩි කාලයක් ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙකු මාධ්‍ය මෙහෙවරක නිරත විය. සිය පලමු පියවර දවස පුවත්පතින් ආරම්භ කරන විට ක්‍රිස්පිල් බෙනඩික් ප්‍රනාන්දු මහතා වැලිවේරිය ප්‍රදේශයේ වාර්තාකරුවෙක් ලෙස කටයුතු කර තිබු අතර ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වන අවස්ථාවේදි පුත්තලම් දිස්ත්‍රික් වාර්තාකරුවෙකු ලෙස සේවයට එක්වි තිබේ. බර්නාඩ් ක්‍රිස්පිල් ප්‍රනාන්දු මහතා පුවත්පත් , ගුවන් විදුලිය සහ රෑපවාහිනීයේද වාර්තාකරුවෙකු ලෙසද කටයුතු කළ අතර දක්ෂ නිවේදන ශිල්පියෙකි.
එතැන් පටන් මේ දක්වා ඔහු මාධ්‍ය වෘත්තියේ නියලෙමින් සිටියි. ඔහුගේ අඩිපාරේ යමින් ඔහුගේ පවුලේ දරුවන්ද මාධ්‍ය වෘත්තියට පිවිස තිබේ. ස්වර්ණවාහිනිය සහ දෙරන නාලිකා වල ප්‍රාදේශීය මාධ්‍යවේදීයෙකු ලෙස කටයුතු කරනු ලබන මාධ්‍යෙව්දී ජුඩ් සමන්ත මහතා ඔහුගේ වැඩිමහල් ප්‍රත්‍රයායි. අභිෂේකා ප්‍රනාන්දු ඔහුගේ මිණිපිරිය , SLV LOG යූ ටියුබ් නාලිකාවේ මාධ්‍යවේදිනියක් ලෙස ප්‍රකටව කටයුතු කරයි.
ක්‍රිස්පිල් බර්නාඩ් ප්‍රනානදු මහතා මේ වනවිටත් ගේ සිය මාධ්‍ය වෘත්තිය නියලෙමින් සිටිම ඉතාම අගය කළයුතු, තරුණ පරපුරට ආදර්ශමත් කාරණාවක් වන අතර ඔහුට දිර්ඝායු පතමු.







