spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

මයිලන්කුලම ප්‍රදේශයේ අලි වැඩ නඩත්තු කළ පුද්ගලයෙකුට අලි ප්‍රහාරයක්

Must read

වන ජීවී දෙපාර්තමේන්තුවේ අලි වැට නඩත්තු ඒකකයට අනුයුක්තව සේවය කරමින් සිටි අයෙකු වන අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව වනාතවිල්ලුව පොලීසිය කියයි. මිය ගොස් ඇත්තේ එළුවන්කුළම – ගඟේ වාඩිය පදිංචිව සිටි වර්ණකුළසූරියගේ අමිල සුදේෂ් කුමාර ( අවූ:32) නම් අයෙකි.

10 වෙනිදා අළුයම වනාතවිල්ලුව – මයිලන්කුලම ප්‍රදේශයේ අලි එලවීමේ මුර පොල ආසන්නයේදී මෙම අය වන අලි ප්‍රහාරයකට ලක්වී ඇත. වන අලි ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි වන ජීවී නිලධාරියා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇත. ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර 10 වෙනිදා දහවල් 11.00 ට පමණ ඔහු මිය ගොස් ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්මට නියමිතව ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article