spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

අඹකදවිලෙන් අත්අඩංගුවට ගත් පරිඝනක අපරාධකරුවන් රැඳවුම් භාරයට

Must read

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 02 වැනිදා අත්අඩංගුවට ගෙන තිබූ විදේශීය ජාතිකයින් 152 කුව රුපියල් ලක්ෂ 10 බැගින් වන පුද්ගල ඇප දෙකක් මත මුදාහරින ලෙස හලාවත දිසා විනිසුරු ජේ. එස්. ඩී. වීරසිංහ මහතා 09 වැනිදා නියම කරන ලදි. ඇප කොන්දේසි සපුරාලන තුරූ සැකකරුවන් සහ සැකකාරියන්ව වැලිසර පිහිටි විදේශිකයින් රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබන ලෙසද දිසා විනිසුරුවරයා නියම කරණ ලදි.

හලාවත – අඹකදවිල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදී ඉකුත් 02 වැනිදා රාත්‍රීයේ සැකකරුවන් සහ සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම විදේශිකයින් පිරිස මෙරට රැඳී සිටිමින්  පරිගණක අපරාධයන් සිදුකර ඇති බවට ලැබී තිබූ තොරතුරක් අනුව අත්අඩංගුවට ගැනීම සිදු කරණ ලදි. අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර චීන ජාතිකයින් 137 ක්, වියට්නාම් ජාතිකයින් 13 ක්, තායිවාන් ජාතිකයින් 01 ක් සහ මැලේසියාණු ජාතිකයින් 01 ක්ද වේ. මෙම පිරිස අතර කාන්තාවන් 10 දෙනෙකුද සිටිති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article