ඊයේ රාත්‍රී 7.40ට මාරවිල ප්‍රදේශයේ මුහුදේ දිය නාමින් සිටි තරුණයෙකු රළ පහරකට හසුවී ගසා ගෙන ගොස් අතුරුදහන්වී ඇති බව වාර්තා වේ. මෙම පුද්ගලයා මීගමුව – පෙරියමුල්ල පදිංචිකරුවෙකු වන වර්ණකුලසූරිය මහමූණගේ රෝසිත ප්‍රනාන්දු (අවු:21) නම්වූ අයෙකි. තරුණයින් දෙදෙනෙකු මුහුදේ දිය නාමින් සිට ඇති බවත්,එක් තරුණයෙකුව දිය රළකට හසුවී ගසා ගෙන ගොස් ඇති බවත් පොලීසිය සදහන් කරයි.රළ පහරට හසුවී ගසා ගෙන ගිය තරුණයාගේ සිරුර සොයා ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කර ඇති නමුත් සිරුර මෙතෛක් හමුවී නැත.







