spot_img
Saturday, March 7, 2026
spot_img

හලාවත,ආණමඩුව සහ වෙන්නප්පුව ප්‍රදේශ වලින් කොරෝනා ආසාධිතියන් 12ක්

Must read

panic

හලාවත,ආණමඩුව සහ වෙන්නප්පුව ප්‍රදේශ වලින් 26 වැනිදා අළුයම වන විට  කොරෝනා ආසාධිතයින් 12 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. වැඩිම කොරෝනා ආසාධිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ හලාවත – වැල්ල ප්‍රදේශයෙනි.හලාවත – වැල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයින් 08 දෙනෙකු වාර්තා වී තිබුණි.හලාවත –  නරියගොඩැල්ල ප්‍රදේශයෙන් 01 ආසාධිතයෙකු වාර්තා වී තිබූ අතර,ආණමඩුව – මුදලක්කුලිය ප්‍රදේශයෙන් 01 ආසාධිතයෙකු වාර්තා වී තිබුණි.

මේ අතර වෙන්නප්පුව  – අළුත්පාර පාර සහ ලුණුවිල ප්‍රදේශ වලින්ද එක් කොරෝනා ආසාධිතයා බැගින් වාර්තා වී තිබුණි.හදුනා ගෙන ඇති එම ආසාධිතයින් කටුනායක ප්‍රදේශයේ ඇගළුම් කර්මන්ත ශාලාවක සහ ලුණුවිල ප්‍රදේශයේ ඉස්සන් සැකසුම් ආයතනයක සේවය කරමින් සිටි අයවළුන් බවටද අනාවරණය වී ඇත.


 

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article