Saturday, May 18, 2024

ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලිකව වසා දැමෙයි

Must read

04(01.53 pm) ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. එයට හේතුව ලෙස ආරච්චිකට්ටුව පොලීසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු කොරෝනා ආසාධිතයෙකු බවට හදුනා ගැනීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව ඔහු පවසා තිබේ.  ඒ අනුව ආරච්චිකට්ටුව පොලිස් ස්ථානය නල්ලදරන්කට්ටුව ප්‍රජා ශාලාව තුළ තාවකාලිකව ස්ථාපනය කිරීමට කටයුතු කර ඇති බවත් තාවකාලික පොලිස් ස්ථානය සදහා හලාවත පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරමින් සිටි නිලධාරීන් පිරිසක් අනියුක්ත කර ඇති බවත් මාධ්‍යෙව්දී ජුඩ් සමන්ත මහතා පවසයි.

මේ අතර ආරච්චිකට්ටුව පොලීසියේ සේවය කරමින් සිටියදී කොරෝනා ආසාධිතයෙකු බවට පත්ව ඇති කොස්තාපල්වරයාව ප්‍රතිකාර සදහා දංකොටුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය 25 වැනිදා පෙරවරුවේ රැගෙන  ගොස් ඇත. 02


ඡායාරූප – ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article