Sunday, May 19, 2024

හලාවතත් අවදානම් ? ග්‍රාම සේවා 4 ක් හුදකලා කෙරේ.!

Must read

Chilaw, North Western, Sri Lanka, Indian Sub-Continent, Asia
Chilaw, North Western, Sri Lanka, Indian Sub-Continent, Asia

හලාවත මාළු වෙළද පල කේන්ද්‍රකොට ගෙන පසුගිය දිනවල ආසාදිතයන් හමුවිමත් සමගින් හලාවත තුල කිසියම් අවදානම් තත්වයක් නිර්මාණය වෙමින් තිබේ.මේ අනුව හලාවත වැල්ල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 04ක් අද (26) දහවල් සිට හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව හලාවත නගර සීමාවට අයත් උතුරු වෙරළබඩ, දකුණු වෙරළබඩ, කුරුසපාඩුව සහ එගොඩවත්ත යන ග්‍රාමසේවා වසම්වල එළෙස සංචරණ සීමා කිරිමටද පියවර ගෙන තිබේ

පසුගිය දින කිහිපය තුළ දිගින් දිගටම කොවිඩ් රෝගීන් වාර්තාවීම සැලකිල්ලට ගෙන මෙම ප්‍රදේශ හුදකලා කිරීමට තීරණය කළ බව පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරයි.

හලාවත වැල්ල ප්‍රදේශයේ පවුල් 980කට අයත් පුද්ගලයින් 6,700ක් ජීවත්වෙන බවත් ඉතා කුඩා ප්‍රදේශයක විශාල ජනතාවක් සිටීම කොවිඩ් -19 වෛරසය වේගයෙන් පැතිරයෑමට ප්‍රධාන හේතුවක් බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි
පැවැති තත්වය හමුවේ හලාවත මාළු වෙළද පොලද වසා දමා තිබුණි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article