Sunday, May 19, 2024

හලාවත කලපුව හරහා පිටස්තර ප්‍රදේශ වෙත ගමන්කිරීම සීමා කරයි

Must read

01(1) 02(1)

(8.02pm) හලාවත පොලීසිය  විසින්  , හලාවත පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 05 ක සංචරන සීමා පනවා තිබේ. ඒ අනුව හලාවත නගර සීමාවට අයත් උතුරු වෙරළබඩ,කුරුසපාඩුව,දකුණු වෙරළ බඩ,එගොඩවත්ත සහ වෙරළබඩ යන ග්‍රාම නිලධාරී වසම් වලට සංචරන සීමා පනවා ඇත.මෙම ග්‍රාම නිලධාරී වසම් වල පවුල් 2356 ක් ජීවත් වේ.

පසුගිය දින 05 ක කාලය තුළට දැනට සංචන සීමා පනවා ඇති ග්‍රාම නිලධාරී වසම් වලින් කොරෝනා ආසාධිතයින් 13 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. ඒ අනුව හලාවත නගරයේ සිට වැල්ල ප්‍රදේශයට ඇතුළු වන සහ පිට වන සථාන වලට මාර්ග බාධක යොදා ඇත.හලාවත කලපුව භාවිතා කරමින් බෝට්ටු මගින් ජනතාව පිටස්තර ප්‍රදේශ වලට ගමන් කිරීම සීමා කිරීම වෙරළ ආරක්ෂක බලකායට පවරා ඇත.


ඡායාරූප – ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article